ඒ එරට වේලාවේන් අද (21) උදෑසනයි.
ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 88 වැනි වියේ පසුවිය.
පසුගිය පෙබරවාරි මාස 14 වැනිදා ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් උන් වහන්සේ රෝමයේ ජෙමිනි රෝහලට ඇතුළත් කෙරිණි.
වයස අවුරුදු 21 දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇතිවිය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සායනික තත්ත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරුණු අතර, පෙබරවාරි 18 වැනිදා වෛද්‍යවරු නියුමෝනියාවෙන් පෙළෙන බවට හඳුනා ගත්තේ ය.
ඉන් අනතුරුව දින 38 ක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සුවය ලබා වතිකානු නිවසට නැවත පැමිණිමෙන් අනතුරු අද දින උන් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිවේදනය කළේ ය.
මේ අතර උන් වහන්සේ ඊයේ පාස්කු දේව මෙහෙය සිහිකරමින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පිහිටි බැල්කනියේ පෙනී සිටියේ ය.
ඒ අනුගාමිකයන් විශාල පිරිසකගේ ඔල්වරසන් මැදයි.
මේ වසර තුළ ශුද්ධෝත්තමයන් වහන්සේ අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් සුපුරුදු පාස්කු දින කතාව නොපවත්වා පණිවුඩයක් නිකුත් කළේ ය.
එම පණිවුඩයේ උන්වහන්සේ ප්‍රකාශ කළේ, ගාසා තීරයේ සහ යුක්‍රේනයේ සාමය ඇති කිරීමට කැපවෙන ලෙසයි.
එම පණිවුඩයේ පාප් වහන්සේ සඳහන් කළේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වූවා සේ විනාශ වූ යුක්‍රේනය අද නැවත යථාතත්වයට පත් වී සාමයේ ත්‍යාගය යුක්‍රේනයට ලබා දීමට කටයුතු කරන ලෙසයි.
ඊට අමතරව මියන්මාරයේ භූකම්පනයෙන් මරණයට පත් වු පුද්ගලයින් සම්බන්ධයෙන් ද සඳහන් කර ඇති අතර සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙස ද පාප් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.