11 වන පාබල සේනාංකයේ නායකත්වය මේජර් ජෙනරල් මැදගොඩ භාරගනී

​ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG මහතා, 11 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිවරයා ලෙස පසුගිය දෙසැම්බර් 29 වන දින නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය. පල්ලෙකැලේ පිහිටි සේනාංක මූලස්ථානයේදී පැවැත්වුණු මෙම වැඩකටයුතු යුද හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ ඉතා අභිමානවත් අයුරින් සිදු කෙරුණි.​නව ධුරයේ වැඩ භාරගැනීම සනිටුහන් කරමින් සර්ව ආගමික වත්පිළිවෙත් ඉටු කරමින් ආශිර්වාද ලබා ගැනීම විශේෂත්වයක් වූ අතර, එහිදී යුද හමුදා උත්තමාචාර මධ්‍යයේ එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 11 වන පාබල සේනාංකයේ ඉදිරි මෙහෙයුම් සහ පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා නව සේනාංකාධිපතිතුමන්ගේ පත්වීම බෙහෙවින් වැදගත් වනු ඇතැයි ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 983

Leave A Reply

Your email address will not be published. Required fields are marked *