12 වැනි සියවසට අයත් බෞද්ධ ස්මාරකයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ (17) පැවැත්විණි.

ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ අමෙරිකානු තානාපති අරමුදල යටතේයි.

මෙම උත්සවයට අමරිකානු තානාපති ජුලි චං, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත්, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්. බී අතපත්තු, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ යන මහත්ම මහත්මීන්,ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්විණි.

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *