14 හැවිරිදි පුතු ඝාතනය කළ පියා අත්අඩංගුවට!

නූරියා පොලිස් වසමට අයත් නූරියා වත්ත ප්‍රදේශයේදී 14 හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. දරුවෙකුට පහර දෙන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට ගිය නිලධාරීන්ට නිවසක් අසල වැටී සිටි දරුවා සොයා ගැනීමට හැකි විය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය දරුවා නූරියා රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත යොමු කර ඇති අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *