කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර නිල් මහ සටන මාර්තු මස 6/7/8 යන දිනයන්හී කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිත බව අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා
මෙවර නිල් මහ සටන පැවත්වෙන්නෙ 146 වන වරටයි මෙම මාධ්‍ය හමුව සදහා විදුහල් දෙක නියෝජනය කරමින් විදුහල් පති වරුන් හා ආදි සිසුන් ඇතුලු ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් අනුග්‍රාහක බවතුන් සහභාගී වී සිටියා
රාජකීය විදුහලේ කණ්ඩායමට රමිරු පෙරේරා නායකත්වය දරන්න අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දරන්නේ කවිදු ඩයස් විසින් රාජකීය විද්‍යාලයේ විදුහල් පති එල් ඩබ්ලිව් ක්‍රිශාන්ත සිල්වා සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ වැඩ බලන විදුහල් පති අසංක පෙරේරා මහතා මෙහිදි අදහස් දැක්වුවා
අනතුරුව අනුග්‍රාහක බවතුන්ගේ චෙක් පත් ලබා දුන් අතර විදුහල දෙකේ ප්‍රධාන ශිෂ්‍ය නායකයන් විසින් කුසලානය රැගෙන එනු ලැබුවා ඩී.එස් සේනානායක අනුස්මරණ කුසලානය ලෙස මෙය නම් කර තිබෙනවා
නිල් මහා සටන මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බවයි කියා සිටියේ