151 වැනි ලෝක තැපැල් දිනයේදීත් සේවක විරෝධතා

අදට (ඔක්තෝබර් 9) යෙදී තිබෙන 151 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් මෙරට 56 වැනි ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. විශ්ව තැපැල් සංගමය (UPU) ගත් තීරණයකට අනුව ලොව රටවල් 193ක් සෑම වසරකම මෙම දිනය සමරන්නේ, 1874 ඔක්තෝබර් 9 වැනිදා පොදු තැපැල් සංගමය පිහිටුවීමට රටවල් ගණනාවක් ගිවිසුම් අත්සන් කිරීම සිහිපත් කරමිනි; මෙම දිනය ලෝක තැපැල් දිනය ලෙස නම් කරනු ලැබුවේ 1969 වර්ෂයේදීය. මේ අතර, තැපැල් සේවකයින් විසින් අතිකාල දීමනා වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළකරමින් තැපැල් වෘත්තීය සමිති අද දිනයේ කළුපටි පැළැඳ සේවයට වාර්තා කිරීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ද අද දින සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 783

Leave A Reply

Your email address will not be published. Required fields are marked *