විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොරියානු තානාපතිනිය කොළඹ දී හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදුවිය.

මෙහි දී ශ්‍රී ලංකාවත් කොරියාවත් අතර දීර්ඝ කාලයක් පුරා පැවැති සම්බන්ධතාව නොවෙනස්ව අඛණ්ඩව පවත්වාගෙන ඒම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සම්බන්ධතාව පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

එසේම කොරියානු ජනරජයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන කෝටාව වැඩි කරන ලෙසත් එම රැකියා සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ලබා දීමට රටක් ලෙස උපරිමයෙන් කැපවෙන බවත් ඒ සඳහා විපක්ෂයේ සිට ද සිය දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *