2016 ජනවාරි 01 වැනිදායින් පසුව රාජ්‍ය සේවයට බඳවා ගත් සියලුම නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කරමින් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 2026 පෙබරවාරි 18 වැනි දින නිකුත් කරන ලද අංක 21/2017(1) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් දක්වා ඇත්තේ, 2016.01.01 දින හෝ ඉන් පසුව බඳවා ගත් රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.ඒ අනුව, 2016 ජනවාරි 01 වැනිදා සිට නිකුත් කරන ලද සියලුම පත්වීම් ලිපි අදාළ සංශෝධනයට යටත්ව යාවත්කාලීන කරන ලෙස උපදෙස් දී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ, රජයේ ප්‍රතිපත්තියට අනුව මින් ඉදිරියට නිකුත් කරනු ලබන සියලුම පත්වීම් ලිපිවල ද මෙම විශ්‍රාම වැටුප් හිමිකම පිළිබඳ සංශෝධනය ඇතුළත් කළ යුතු බවයි.


























