අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක
අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප‍්‍රථම අපේ විරුවන් සමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි; බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි. අද අපි ඔවුන් සමරන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක් ලෙසටයි. අද පැරණි අවධියේ අභියෝගයන් සහ අලූත් අවධියේ අභියෝගයන් අතර විශාල වෙනසකට අපිට මුහුණ දීමට සිදුවී තිබෙනවා. එය අපි තේරුම් ගත යුතුව තිබෙනවා.
එදා පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව ඇතුළු අපට යම් ආහාර වේලක් ලබාදුන් අය පවා ඇතුළත් විශාල පිරිසක් එදා ඝාතනය කරනු ලැබුවා. පාලක පංතිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදුවුණේ පාලක පංතියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප‍්‍රතිවිරෝධී ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකියි.
අපි 1978 වසරේ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට, ඉතාමත් සාමකාමීව ප‍්‍රවිෂ්ට වූවා. එම වසරේ පැවති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද්දී, අපි තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි තරග වැදුණා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල්දැමීම සඳහා වූ ජනමත විචාරණයට එරෙහිව සටන් වැදුණා. මැතිවරණ ක්ෂේත‍්‍රය දෙස බැලූවත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හ`ඩ නඟන, එයට අනුකූලව වැඩ කරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වූ ව්‍යාපාරයක්. ඊට අමතරව මැතිවරණ පෙරමුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් වැදුණු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් හැටියට කටයුතු කළ පක්ෂයක්. එසේ කටයුතු කරමින් සිටියෙදී 1983 ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද සිදුවීම් උපයෝගී කරගෙන, අපිව තහනම් කළා. ඔවුන් අපව නිශ්චිත හැරවුමක් ලෙසට තහනම් කරනවා. අපව දේශපාලන වශයෙන් තහනම් කිරීමට හේතු වන්නේ කුමක්ද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පිට පැන්නාද? අනවශ්‍ය ගැටුම් නිර්මාණය කිරීමට මැදිහත් වුණාද? නැහැ. ඔවුන් අපව තහනම් කිරීමට හේතු වන්නේ අපේ අරමුණුයි. අපි අපේ අරමුණ ජයග‍්‍රහණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන මාවත ඔස්සේ ජයග‍්‍රහණය සඳහා යමින් සිටියා. ඒ නිසා ඔවුන්ට විශාල වුවමනාවක් තිබුණා අපේ අරමුණු පරාජය කරන්න. ඒ අරමුණට ඔවුන් බිය වුණා.
අප විසින් තෝරා ගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂී ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබියෙදී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරා ගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපී කි‍්‍රයාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පංතියට ඊළඟට අවශ්‍ය වන්නේ කුමක්ද? අරමුණු මරා දමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරා දැමීම ඊළඟ පියවර වුණා. ඒ අවස්ථාවේ සිදු නොවිය යුතු දේ සිදුවුණා. එම සිදුවීම් පිළිබඳ සමාජයෙක් නොයෙක් සාකච්ඡුාවන් ඉදිරිපත් වුණා. නමුත් මිනිස් ඝාතනවලට හේතු වුණේ ඒ සිදුවීම් නොවෙයි. ඒ වකවානුවේ අප අතින් යම් සිදුවීම් සිදුවී තිබෙනවා නම්, අපව ඝාතනය කොට විනාශ කිරීමට හේතුව එම සිදුවීම් නොවෙයි. ඝාතනය කර විනාශ කිරීමට හේතුව අපේ අරමුණු. ඔවුන් කල්පනා කරන්නේ, අරමුණ පරාජයට පත් කළ හැකි වන්නේ, අරමුණ දරන මිනිසුන් ඝාතනය කොට විනාශ කිරීමෙන් පමණක් බවයි. එය කොයිතරම්ද කියනවා නම්, දේශපාලන ව්‍යාපාරයක මධ්‍ය කවය පමණක් නොව, පරිවාර කවයන් පවා ඝාතනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන් අවසානයේදී කියන්නේ ”මැච් එක ඉවරයි” කියලා. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ අරමුණත් අවසන්, අරමුණු දරපු මිනිසුනුත් අවසන් කියන එක.
නැවත අපි 1989න් පස්සේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා. අපට නැවත නැගිටින්න, නැවත මේ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරන්න, අපට බලපෑම් ඇති කරන්නේ අරමුණුම තමයි. අපට ධෛර්යය දෙන්න, නැගිට්ටවන්නෙ අරමුණු තමයි. මකන්න බැරි, යටකරන්න බැරි අරමුණු අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා. නැවත අපිට නැගිටින්න, අපට සංවිධාන ගත වෙන්න නැවත ජයග‍්‍රහණය සඳහා ව්‍යාපාරය මෙහෙයවන්න අපිව පොළඹවන්නේ අරමුණු විසින් ඇති කොට තිබෙන බලපෑමයි. නැවත අපි 94න් පසුව දේශපාලන ගමන් ම`ගට අවතීර්ණ වුණා. අපි පක්ෂයක් ලෙස විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන්නා. පරාජයන්ට මුහුණ දුන්නා. ව්‍යාපාරය ඇතුලේ බෙදීමක් ඇති වුණා. ඒ ඒ මොහොතට අදාළ යැයි ගත් තීන්දු පසුකාලෙක අපට වැරදුණා දැයි මානසික පීඩනයක් ඇති කළා. විශාල හැලහැප්පීම් මධ්‍යයේ අපි ජයග‍්‍රහණය කරා ගමන් කරමින් ආවා. සැප්තැම්බර් මාසෙ 21 අපි ජයග‍්‍රහණය අත්පත් කර ගන්නේ ඒ ගමන් මාවතේ තීරණාත්මක අවස්ථාවේදීයි.
මේ කෙටි ඉතිහාසය ආසන්න වශයෙන් පරිච්ෙඡ්ද හතරක් සලකුණු කරනවා. ඒ, 78 සිට 83 දක්වාත්, 83 සිට 89 දක්වාත්, 94 සිට පසුගිය සැප්තැම්බර් 21 දක්වාත්, සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වාත් වශයෙනුයි. සැප්තැම්බර් 21 සිට අනාගතය දක්වා වන අලූත් පරිච්ඡෙදය අපි ආරම්භ කොට තිබෙනවා. මේ සෑම පරිච්ෙඡ්දයකම අපේ හැඩරුව, අපේ ප‍්‍රකාශනයන් තුළ, උපක‍්‍රමයන් තුළ, වැඩ රටාව තුළ සහ මුහුණ දී තිබෙන අභියෝගයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් තිබුණත් අත්හරින්න බැරි අඛණ්ඩතාවයක් තිබෙනවා. ඒ තමයි අරමුණ. අපි ආරම්භ කර තිබෙන අලූත් පරිච්ෙඡ්දයත් අරමුණු ඉටුකර ගැනීම සඳහා අවස්ථාවක්. ඔවුන් මේ අරමුණට බයයි.
එකක් තමයි ¥ෂිත, ප‍්‍රභූ තන්ත‍්‍රය අතින් පොදු ජනතාව අතට බලය මාරුවීම. දෙක තමයි පුරවැසියන්ට නිදහස්ව හිතන්න, කටයුතු කරන්න, නිදහස ලබාදීම ගැන ඔවුන් බයයි. ඔවුන් සෑම විටෙකම කළේ පුරවැසියන් යටත් කොට තබාගෙන සිටීම. දේශපාලකයා තමන් විසින්ම ආරෝපණය කරගෙන පොරවාගෙන සිටින මහා ලෝගුව ගැලවෙනවාට බයයි. අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. මෙය කොයිතරම්ද කියනවා නම්, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මාව ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට සූදානම් වුණා. ඔවුන් සෑම වෙලාවේම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලූත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලූත් අවදියකට ඔසවා තැබීම ඔවුන් බයයි.
ඒ නිසාම පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුවී තිබෙන්නේ කුමක්ද? විවිධ ලකුණු, හැඩහුරු සහිත වේදිකා ගොඩක් තිබුණා. ඒ වේදිකාවල අපේක්ෂාව බවට පත්වී තිබුණේ බලය අත්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සාධකය. බලයේ තිබෙනවා විශේෂත්වයක්. බලය විසින් බලය නිර්මාණය කරනවා. බලයකින් බලය ප‍්‍රසාරණය කරනවා. දැන් ඔවුන්ගේ අවශ්‍යතාවය බලය විසින් බලය තහවුරුවීම වැළැක්වීම. අපට පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගන්න බැරිවෙනවා නම් එයින් කියන්නේ මොකක්ද? බලයේ දුර්වල බව. බලය යම් කාලයක් ස්ථාවරව පැවතුණහොත්, තවත් බලවත් වෙනවා. එවිට ඔවුන් කල්පනා කරන්නේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමයි. බලය ලබාගත්තාට පසුව බලය තහවුරු වීමට ඉඩ නොදීමයි.
ඔවුන් පොදු කෝව තුළ සිටියා. කෝව තුළ සිටියාට තීරණාත්මක ලෙස බල කඳවුරු දෙක වෙන්කිරීම සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් අපි ආණ්ඩුව කියන බෙදුම් රේඛාව දැමූ විට ඒ අය අනෙක් පැත්තේ එක කවයකට, එක කඳවුරකට එකතු වී සිටිනවා. එය කොතරම් විසංවාදී කඳවුරක්ද බැලිය යුතුයි. එක පැත්තකින් වාමාංශික මුහුණුවරක් ගත් කණ්ඩායම් මෙහි කොටස්කරුවන් බවට පත්වී තිබෙනවා. ලිබරල්වාදී හැඩරුව ගත් කණ්ඩායම් සිටිනවා. ගෝති‍්‍රකවාදී, ජාතිවාදීන්, පැරණි නෂ්ටාවශේෂ කරේ තබාගෙන යන අය, සියලූ දෙනාම නොනිල එකඟතාවයකට ඇවිත් තිබෙනවා. අපේ ආණ්ඩුව නිසා ඔවුන්ට ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපට එරෙහිව එකම කඳවුරකට ගොනු වී සිටිනවා. සංකීර්ණව විසිරී සිටි කඳවුරු, ආණ්ඩුව බිඳ වැට්ටීම සඳහා එකට කටයුතු කළ හැකිද යන උත්සාහයට යොමු වී සිටිනවා.
අපට යළි යළිත් මේ බලය ආරක්ෂා කර දෙන්නේ, ශක්තිමත් කර දෙන්නේ අපේ අරමුණ අත් නොහැර සටන් වදින්න සූදානම් නම් විතරයි. මිය ගිය වීරවරියන්ට වීරවරුන්ට සාධාරණය, යුක්තිය ඉටුකිරීමේදී අන් කවරදාකටත් වැඩියෙන් අපේ අරමුණ ධාරණය කර ගත යුතු වෙනවා. දැන් අපට තිබෙන්නේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පොර බැදීමයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මෙහෙයවීම, අපට අලූත් අදියරකදී තිබෙන අභියෝගයක්. ඒ මෙහෙයවීම අත්පත් කර ගැනීමට ආණ්ඩු බලයක් තිබෙනවා. නමුත් සාර්ථක කර ගැනීම සඳහා, මඟපෙන්වීම සඳහා මෙහෙයවීමට පක්ෂයට විශාල කාර්යභාරයක් තිබෙනවා. බලය ලබාගැනීම අපේ අවසන් අරමුණ නෙමෙයි. අරමුණ යථාර්ථයක් බවට පත්කර ගත යුතුයි. අපේ වගකීම්වල, සමාජයට පෙනී සිටින ආකාරයන් ආදියෙහි හැඩතල වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. ඒ සියල්ලටම යටින් අරමුණ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක හරයාත්මක ලෙස තිබිය යුතුයි. අපි අලූතින් කල්පනා කළ යුතුව තිබෙනවා.
පළමුව අප පරීක්ෂාවට භාජනය වෙන්නේ අපේ ව්‍යාපාරය තුළයි. අද මහජනතාව අපට ලබාදුන් බලය ඇතුලේ අපි මහජනතාවගේ පරීක්ෂාවට භාජනය වෙනවා. අප කෙරෙහි පූර්ණ විශ්වාසය, අර්ධ විශ්වාසය, ඒ වගේම අප කෙරෙහි පරීක්ෂාකාරී විශ්වාසයක් තිබෙනවා. අපි පරීක්ෂාකාරී විශ්වාසය සමත්විය යුතුයි. අපි හැමවිටම ජනතාවගේ පරීක්ෂාවකට භාජනය වෙමින් ඉන්නවාය කියන මනෝභාවය අප තුළ තිබිය යුතුයි. නිර්මාණය කරන බලය විසින් සිතු දේ රිසි පරිදි කළ හැකියි යන මනෝභාවයෙන් කටයුතු කළහොත් අපි පරීක්ෂාවෙන් අසමත් වෙනවා. අපේ විනිශ්චයකරුවන් වන්නේ මහජනතාවයි. එදා අපි ව්‍යාපාරය තුළ පරීක්ෂාවට භාජනය වුණා. අද මහජනතාව ඉදිරියේ පරීක්ෂාවට භජනය වී තිබෙනවා. ව්‍යාපාරය තුළදී සිදුවන අත්වැරැුද්දක් ව්‍යාපාරය තුළ සාකච්ඡුා කොට විසඳා ගත හැකියි. හැබැයි මහජනතාවගේ පරීක්ෂාවෙන් අසමත් වීම තුළ අපේ අරමුණු අසමත් වීමට භාජනය වෙනවා.
අපි අභියෝගයට ලක්වුණු සෑම අවස්ථාවකම අපේ අරමුණුවලට හානියක් නොවී ආධ්‍යාත්මිකව පවත්වා ගනිමින් මේ දක්වා ආවා. අපි හැමදෙනාම ඊට අනුරූප වන පරිදි වගකීම් වෙනස් කර ගත යුතුයි. මහජනයා පසෙක තබා බලය ඉත්තෙක් ලෙස පරිහරණය කරන්න පටන් ගතහොත් අපේ අරමුණු දියවී යනවා. මේ අලූත් තත්වයට අනුරූපී වන පරිදි වළක්වා ගැනීම කළ යුතුයි; වෙනස් විය යුතුයි. අපි හැම කෙනාම බලය විසින් ඇතිකර තිබෙන සීමා මායිම් පිළිබඳ තිර අධිෂ්ඨානයකට එන්න ඕනෑ. බලය අපේ අරමුණු කරා මෙහෙයවීමට තිබෙන මෙවලමක්ය යන සාධක අත්හැර කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත හොත් අපේ අරමුණු වෙනස් වෙනවා. දැන් අපි ”අලූත් ඇඳුම් ඇඳ ගැනීමට කාලය උදාවී ඇත”.
මේ ඉල්මහ විරු සමරුවේදී අපේ පැරණි සහෝදරවරුන්ට සහෝදරියන්ට කරන සාධාරණත්වයෙන් අඩක් නිම කොට තිබෙනවා. අපි ඉතා අසීරුතා, අභියෝගවලදී තීරණාත්මක උපක‍්‍රම තේරුවා. අපි කවුරුත් පොරබදලා ඒ උපක‍්‍රම ආරක්ෂා කරන්න සමත්වෙලා තිබෙනවා. සමහර උපක‍්‍රම ඉතාමත් අවදානම්. ඒ අවදානම් උපක‍්‍රමය එක් අදියරකින් පැන්නා නම්, අපේ ව්‍යාපාරය මෙතන නැහැ. ඒ සියල්ල මගින් අපි ජයග‍්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා.
අපි අන් සෑම අදියරකටම වඩා පරෙස්සම් සහගත විය යුතුයි. ඉතාමත් හොඳින් බලය හැසිරවිය යුතුයි. ගියවර සමුළුවේදී තිබුණු බර මේ සමුළුව වන විට ප‍්‍රමාණාත්මකව අඩක් අවසන් කර තිබෙනවා. අපේ විරුවන්ට සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් බරක් නැති නිදහස් මිනිසුන් ලෙස තව වසර කිහිපයකින් අපට ඉල්මහ සමරුව පැවැත්වීමට හැකි වේවි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එකතු වෙමු.
අපි ඔබ පවරාගෙන තිබෙන්නේ අපේ ඉතිහාසය අලූතින් ලියන භාර¥ර කාර්යයයි
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
අද මේ 35වැනි ඉල්මහ විරු සමරුව පවත්වන්නේ විශේෂත්වයක් තුළයි. මෙතෙක් අපි බලය ලබා ගැනීම සඳහා වෙහෙසෙන, ඒ වෙනුවෙන් සටන් කරන, කැපකිරීම් කරන පරම්පරාවක් හැටියට ඉල්මහ සැමරුම කළා. අද අපි ඉතිහාසයේ පළමුවැනි වතාවට මේ රටේ බලය පොදු ජනතාව අතට පත්වී ඇති මොහොතක ඉල්මහ සැමරුම පවත්වන්නේ, බලය තහවුරු කර ගනිමින් මේ රට ගොඩනැගීමට වෙර දරන පරම්පරාවක් හැටියටයි. ගිය අවුරුද්දේ ඉල්මහ සමරුව සමරද්දී අපි, ඊළඟ සමුළුව පවත්වන්නේ අපේ රජයක් යටතේදී බව කිවුවා. අපට එය ඉටුකර ගැනීමට අද හැකිවෙලා තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබාගෙන මැතිවරණ පවත්වමින් යන වෙලාවක අපට නිරන්තරයෙන් සිහිවෙන්නේ අපේ මියගිය සහෝදරවරු, සටන් කළ, දිවි පි¥ අය හිටියා නම් හොඳයි කියලා. අපි මේ සමරන්නේ මීට අවුරුදු 35කට කලින් අපෙන් උදුරාගත් අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, හිටපු ප‍්‍රධාන ලේකම් ගමනායක සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප‍්‍රමාණයකගේ දිවිපිදීම, කැපවීමයි. ඔවුන් මේ ජයග‍්‍රහණයන් දැකීමට හිටියානම් කියන හැඟීම අනිවාර්යයෙන් එනවා.
කාල් මාක්ස් මිය ගිය වෙලාවේ, ඔහුගේ සොහොන අසළදී එංගල්ස් කථා කරමින් කිවුවා, ”මේ දර්ශනය දැක බලා ගැනීමට මාක්ස් මා ළඟ සිටියා නම්” කියලා. ඒ වෙලාව ලෝකයේම කම්කරු පංතිය පැය අටක සේවා දිනයක් ඉල්ලා ජයග‍්‍රහණය ලබමින් සිටි අවස්ථාවයි. අපි ජයග‍්‍රහණය ලබා සිටින මේ අවස්ථාවේ අපේ නිර්මාතෘ, නායකයන්, අනෙකුත් සහෝදර සහෝදරියන් අපි ළඟ සිටියා නම් මේ මොනතරම් උණුසම් මොහොතක් වෙනවා ඇද්ද? අපට පැවරී තිබෙන්නේ ඒ හැඟීම් හදවත තුළ රුවාගෙන අප පවරාගෙන තිබෙන කාර්යයන් ඉටුකරමින් ඉදිරියට යාමයි.
අපි ඔබ මේ පවරාගෙන තිබෙන්නේ අපේ ඉතිහාසය අලූතින් ලියන භාර¥ර කාර්යයයි. අපි මේ රටේ විශේෂ පරම්පරාවක් වෙනවා. අපි අපේ රටේ දේශපාලනයේ ආර්ථිකය පිරිහිලා, දුප්පත්කම වැඩිවෙලා, මනුෂ්‍යත්වය පිරිහිලා, විය යුතු සියලූම ව්‍යසනයන් සිදුවුණු, නරකම කාලයක ජීවත් වුණු මිනිසුන්. අපි ජීවත් වුණේ අපේ රටේ පැවැති නව ලිබරල්වාදී ධනේෂ්වර ක‍්‍රමය පිරිහීමට පත්වුණු වෙලාවක, අපරාධ වැඩි වුණු වෙලාවක්, සමාජයක් තුළ පරම්පරාවකට දකින්න සිදුවෙන ඛේදවාචක සියල්ල දකින්න වුණු සමාජයකයි. ඒ පැරණි කුණුගඳ ගහන, ගෝති‍්‍රක ලක්ෂණ තිබුණු, ¥ෂිත වලව්කාර, ප‍්‍රභූත්වය අරමුණු කරගත් සමාජය වෙනස් කරලා අලූත් සමාජයක් හදන්න, ඒ වෙනුවට සමානත්වය, සහෝදරත්වය, සමගිය තිබෙන, ආර්ථිකයේ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, තිබෙන, මිනිසුන්ට මිනිසුන් වගේ ජීවත් විය හැකි, එකිනෙකාට ආදරය තිබෙන අලූත් සමාජයක් නිර්මාණය කරන්න අපි පටන් ගෙන තිබෙනවා. යුග දෙකක් එකවර නියෝජනය කරන පරම්පරා දෙකක් ලෙස තමයි අපි අද මේ එකතු වෙලා ඉන්නේ. පැරණි යුගයේ අත්දැකීම්, ආරම්භ කළ යුගය නිර්මාණය කර ගැනීම සඳහා උකහා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අපිට ඉතිහාසය ගොඩනඟනවා වගේම ඉතිහාසය ලියන්නත් සිදුවී තිබෙනවා.
මෑත ඉතිහාසය තුළ අප ගැන 80%ක පමණ ප‍්‍රබන්ධයක් තිබෙනවා. ඒ ප‍්‍රබන්ධය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණේ අපව සිරකර තැබුවා. ඒ නිසාම අපට සමාජය තුළ තිබුණේ ඉතාම අවාසිදායක තත්වයක්. අපි වාමාංශිකය කියන එක ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප කරවීමට යොදා ගත්තා. ඒ නිසා පැවති ¥ෂිත ප‍්‍රභූ පාලනය තුළ, අධිපති පාලනය තුළ ඒගොල්ලන්ගේ මතවාදයක් නිර්මාණය කරලා, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රගතිශීලී බලවේගවලට සමාජයේ හිමිවිය යුතු තැන නැතිකරමින් සිටියා. අපි පිළිබඳව මිථ්‍යාවලින් පිරුණු, අසත්‍යයෙන් පිරුණු ඉතිහාසයක් ලියුවා. ඒ ඉතිහාසය තුළ තවමත් අසත්‍ය කරුණු මතක් කරමින් යන්නේ පාලක පංතිය පමණක් නොවෙයි. අපේ ඉතිහාසයට පිටුපාපු, එයින් කැඞී වෙන්වුණු අයත් ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීම අරමුණු කරගෙන තිබෙනවා. ඔවුන් ඉතිහාසය විකෘති කරමින් ඉන්නවා.
ඔවුන් කියන 88 – 89 භීෂණයක් තිබුණේ නැහැ. 1977 – 1990 දක්වා කාලය තුළ තමයි අපට භීෂණයක් සිදු වුණේ. ජේ.ආර්. ජයවර්ධන පාලනයේදී භීෂණයට ලක්වුණු අය තමයි අපි. ඒකෙ වින්දිතයන් අපි. වගකිවයුත්තන් තමයි එවකට එක්සත් ජාතික පක්ෂ පාලකයන්. මේ විශාල කාලපරිච්ෙඡ්දය තුළ, ඒ භීෂණයට වගකිව යුතු, එය නිර්මාණය කළ අය නිර්දෝෂීන් බවට පත්වෙලා, අපට තිබෙන්නේ ඒකට ගොදුරු වුණු අය, එකට ප‍්‍රතිචාර දැක්වූ අය වැරදිකරුවන් බවට පත්වූ ඉතිහාසයක්. අපි පසුගිය ඉතිහාසය තුළ අරමුණු වෙනුවෙන්, සමාජයට කිසියම් දෙයක් ලබා දීම වෙනුවෙන්, අපි සටන් කොට තිබෙනවා. සන්නද්ධ පැත්තෙන් ගත්තත් ධනපති පංතියෙන් එන මර්දනයට එරෙහිව ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමක් තමයි කර තිබෙන්නේ. ඒ ඉතිහාසයේ සිදුවුණේ මොකක්ද යන්න අවබෝධ කර ගැනීමට අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වෙනවා. මෑත කාලයේදිත් සමහර පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මහජන මතය වෙනස් කිරීමේ අරමුණු සහිතව විවිධ සිද්ධි ඇසින් දුටු බව කියනවා. උදාහරණයක් ලෙස රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනය ඇසින් දුටු බව කියන අය ඉන්නවා. ඉතිහාසය විකෘති කර තිබෙන්නේ පාලක පංතිය විසින් පමණක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණෙන් පලා ගිය, එළවා දැමූ අපට ද්‍රෝහීකම් කළ අයත් අපට එරෙහිව විටින් විට ඉතිහාසය විකෘති කර තිබෙනවා.
ඒ නිසා අපිට ඉදිරි කාලයේ ලොකු කාර්යභාරයක් පැවරී තිබෙනවා, මේ නොලියූ ඉතිහාසය නැවත එකතු කරන්න, නැවත ලියන්න. අපේ රටේ අනාගත පරපුරට ගෙවුණු ඉතිහාසයේ සැබෑ කතාව උගන්වන්න ඕනෑකම තිබෙනවා. අපේ මියගිය සහෝදරවරු, ඉල්මහ විරුවන්, ඔවුන්ට හිමි සැබෑ තැන හිමිකර දෙන්න වුවමනාව තිබෙනවා. අපි ඉල්මහ සමරුව පැවැත්වූයේ ඔවුන් සිහිපත් කර, ඒ අත්දැකීම් තුළින් ශක්තිය ලබාගැනීමක් හැටියටයි. ඉල්මහ සැමරුමේදී අපට සිහිපත් වෙන කරුණු ගණනාවක් තිබෙනවා. අරමුණු වෙනුවෙන් කැපවීම, පරිත්‍යාගය, විශ්වාසය, අධිෂ්ඨානය, පවත්වාගෙන ගිය දේශපාලන සංස්කෘතිය, ඔවුන් තුළ තිබූ ගුණාංග අපි නිරන්තරයෙන් කතාකොට තිබෙනවා. වෙනස් විය යුතු තැන් වෙනස් කර ගැනීම පිළිබඳ කතාකොට තිබෙනවා. ලෝකයේ තත්වයන් වෙනස් වෙද්දී ඒකට අනුව තම අරමුණු අත්නොහැර, වෙනස්වීමට අසමත් නම්, එවැනි ව්‍යාපාරයක් පවතින්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අඩුපාඩුකම් තිබියෙදී වුවත් තත්වය වෙනස් වෙද්දී එයට අනුව වෙනස් වෙන්න, සමත්වෙලා තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගෙන, ඝාතනය කිරීමට ටිකකට කලින් ආණ්ඩුව ඔහුගෙන් ප‍්‍රකාශයක් ගන්නවා. එය පසුව රූපවාහිනියෙන් විකාශය කරනවා. එයින් ”දැන් සියල්ල සතුරා දන්නවා. ඒ නිසා වෙනස් වෙන්න” කියලා එදා කිවුවා. ”කම්කරුවන් රැුකියාවට යන්න, ඉගෙන ගන්න ළමයි ඉස්කෝලේ යන්න, සියල්ල වෙනස් කොට අලූතෙන් පටන් ගන්න”. රෝහණ සහෝදරයා සමුගත්තේ අන්තිම මොහොතෙත් අපට පණිවිඩයක් දීලා. සමහර අයට ඒ වෙනස තේරුම් ගන්න බැරි වුණා. අපි ඒ වෙනස තේරුම් ගත්තා. ඒ නිසා 1994 වෙන විට අපිට නැවත අපට ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කර ගන්න පුළුවන් වුණා. විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් අපි ආවා. මේ වන විට පොදු ජනතාවගේ කැමැත්තෙන් බලය ලබාගැනීමට හැකි වී තිබෙනවා.
අද අප ඉදිරියේ ඔවුන්ගේ අරමුණු ජයග‍්‍රහණය කරා ගෙන යන්නේ කෙසේද යන අභියෝගය තිබෙනවා. ඔවුන් සටන් වැදුණේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොවෙයි; පොදු අරමුණක් ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. පොදු අරමුණක් වෙනුවෙන් සියල්ල කැපකිරීමේ ගුණය ඔවුන් ළඟ තිබුණා. ඉල්මහ විරුවන් සමරන්න වටින්නෙත් ඒ නිසාමයි. ඒ නිකම්ම නිකම් මිනිසුන් නොවෙයි; ඒ යුගයේ බිහිවුණු විශේෂිත පුද්ගලයන්. එහෙම අය ලෝකයේ අඩුයි. අපි ඔවුන්ගේ සෙවණේ, ඔවුන්ගේ ආදර්ශයෙන් හැදුණු අය. ඒ නිසා අපි පැරදී සිටියෙදී වත්, ජයග‍්‍රහණය ලැබූ මොහොතේදී වත් ඔවුන් තුළ තිබූ අරමුණු අමතක කරන්න අපට අයිතියක් නැහැ.
මේ ව්‍යාපාරය ගොඩනඟන්න අපේ සහෝදර සහෝදරියන් විශාල දුකක් වින්දා. ඒ දුක් කන්දරා අපට අද නැහැ. දේශපාලන ව්‍යාපාරයක් හදන්න කිසිවක් නොතිබියදී, ඒ සඳහා අවස්ථාව නිර්මාණය වුණාම, ඒ තත්වයන් හරියට හඳුනාගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔවුන් සමත් වුණා. එයින් හරියටම අවස්ථාවන් තේරුම් ගැනීම වැදගත් බව අපට පෙන්වා දී තිබෙනවා. අවස්ථා තේරුම් ගෙන කි‍්‍රයාවට නඟන්නේ නැත්නම් ඒ අවස්ථා මගහැරී යනවා. ඒක අපට ඉගැන්නුවේ රෝහණ විජේවීර සහෝදරයායි. 1965 දේශපාලන ව්‍යාපාරයක් හදන්න තත්වයක් නිර්මාණය වුණාම, එවැනි ව්‍යාපාරයක් ගොඩනඟන්න පටන් ගත්තා. අතේ කිසිවක් තිබුණේ නැහැ. රැුකියාවක් කළේ නැහැ. ලෝකයේ, සමාජයේ කවුරුත් ඔහුව දන්නේ නැහැ. අධ්‍යාපනය අතහැර ආව ශිෂ්‍යයෙක්. එසේ තිබියෙදීත් පැවති තත්වය තුළ ව්‍යාපාරයක් ගොඩනැගීමට ඔහුට ලොකු අධිෂ්ඨානයක් තිබුණා. පූර්ණ කාලීනයෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. කෙනෙකුට දරා ගන්න බැරි ප‍්‍රමාණයේ වෙහෙසක් දරන්න, පීඩාවක් දරන්න සිදුවුණා. අරමුණ වෙනුවෙන් ඔහුත්, ඒ සමග සිටි කිහිපදෙනාත් සියල්ල දරා ගත්තා. බස් එකේ යන්න මුදල් නැති වෙලාවට සැතපුම් ගණන් පයින් ගියා. කන්න නැතිව බඩගින්නේ සිටි අවස්ථා අපි අසා තිබෙනවා. පක්ෂයේ වැඩ කරගෙන යාමට අවශ්‍ය මුදල් නැති නිසා තිස්සමහාරාම බස් නැවතුම්පොළේ මුට්ට කර ගසා තිබෙනවා. එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්න එතරම් කැපකිරීම් කළ නායකයෙකු ගැන අපි අසා නැහැ. අඳින්න ඇඳුම් ගොඩක් තිබුණේ නැහැ. එදා යථාර්ථයට ඔහු එසේ මුහුණ දුන්නා. සමාජයෙන් උදව් නැති වෙලාවක, සමාජයෙන් කීර්තිය නොමැති අවස්ථාවක, සමාජයෙන් ප‍්‍රතික්ෂේප කරද්දී, ඔවුන් වැඩ කළා. සමාජයට හොඳ දෙයක් කර දෙන්න උත්සාහ කරන අවස්ථාවන්වල සමාජය අපිව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ ප‍්‍රතික්ෂේප කරද්දිත් ඒ ජනතාව වෙනුවෙන් වැඩකරන එක අමාරු දෙයක්. එසේ කිරීමට හැක්කේ විශේෂ පුද්ගලයෙකුට විතරයි. ඒ අයට අපි විප්ලවවාදීන් කියනවා. ඔවුන් ඒ කාර්යයන් කරගෙන නොසැලී ඉස්සරහට ආවා.
එවන් කාලයක් පසුකර ගෙන ඇවිත් දැන් අපට ජයග‍්‍රහණයන් දැන් තිබෙනවා. අපි ප‍්‍රසිද්ධයි. මිනිස්සු ආදරෙයි. අපට මේ ජයග‍්‍රහණයන් ලබා ගත හැකි වුණේ ඉල්මහ විරුවන්ගේ ආදර්ශයන් අපි රැුකගත්ත නිසා. සමහර ආදර්ශයන් පවතින තත්වයන් විසින් අපට අත්හරින්න බල කරනවා. ඒ ආදර්ශයන් නැතිව වැඩ කිරීම ලෙහෙසියි වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ අමාරුකම් මැද්දේ සමහර ආදර්ශයන් ආරක්ෂා කර ගන්නා එක දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා වැදගත්. ඒ ආදර්ශයන් අලූත් සමාජයක් ගොඩනඟන්න වුවමනා වෙනවා. අපේ පූර්ණකාලීන සහෝදරවරු රැුකියාවක් නොකර හිතවතුන්ගෙන් ජීවත් වීම, හාස්‍යයට ලක්කරපු තත්වයක් සමාජය තුළ තිබුණා. ඒ හාස්‍යයට ලක්කිරීම නිසා අපි අපේ අරමුණු වෙනස් කිරීමට ගියේ නැහැ. අපි අදත් ඒ අරමුණේ ඉන්නවා. අපේ රට වෙනස් කරන්න නම් එවැනි විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කරන්න පරම්පරාවක් ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙය වෙනස් කළ නොහැකි බව අපි විශ්වාස කරනවා.
1965 සිට නිර්මාණය වුණු ඒ ඉතා වටිනා ගුණාංග ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. නොගැලපෙන ඒවා අයින් කළ යුතුව තිබෙනවා. පැරණි සමාජය ඒ ගුණාංගත් සමග ගැටෙනවා. අපට උගන්වපු ගුණාංගයක් තිබෙනවා, ආත්මාර්ථකාමී වෙන්න එපා, හැමවිටෙකම පරාර්ථකාමී වෙන්න කියලා. ඒ ගුණාංගය මේ සමාජය සමග නිතර ගැටෙනවා. ආත්මාර්ථකාමී සමාජයක් ඇතුලේ ආත්මාර්ථකාමී නොවෙන සමාජයක් ඇති කිරීමට ගිය විට ලොකු ගැටුමක් ඇති වෙනවා. එයින් අපව දුර්මුඛ කළ හැකියි. එහෙම එකක් එද්දිත් එයට යට නොවී ඒය දරාගෙන හොඳ ගුණය ආරක්ෂා කර ගත්තොත් කිසියම් වෙලාවක ඒ හොඳ ගුණය සමාජගත වෙනවා. අපේ ව්‍යාපාරය තුළ තිබෙනවා කැපකිරීම් සහ පරිත්‍යාග. මේ සමාජය තුළ තිබෙන්නේ මිලක් හෝ නැවත ප‍්‍රතිඵලයක් බලාගෙන කරන දේවල්. නමුත් අපි වැඩකරන්නේ අපට පුද්ගලික ප‍්‍රතිඵල බලාගෙන නොවෙයි. ප‍්‍රතිඵල ලැබෙන්නේ සමාජයටයි. ඒ නිසා අපි කරන කැපකිරීම යම් වෙලාවක සමාජය ප‍්‍රශ්න කරනවා. එහෙම තිබෙද්දිත් ඒ ගුණය රකින්න, අපි සමත් වෙන්න ඕනෑ. ඒ ගුණය සමාජගත කරන්න අපි සමත් වෙන්න ඕනෑ. අපට එවැනි ගුණාංග රැුකගන්න පුළුවන් වුණා. දැන් ඒවා පිළිගනිමින් තිබෙනවා. අපට ඒවා රැුක ගන්න හැකි වුණේ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු මියගිය සහෝදරවරුන්ගෙන් ලබාගත් ආදර්ශය නිසයි.
අපි ඉස්සරහා තිබෙන්නේ අලූත් තත්වයක්. පැරණි සමාජය වෙනස් කරලා අලූත් සමාජයක් අපිට හදන්න තිබෙනවා. අලූත් ආර්ථිකයක් හදන්න ඕනෑ. අලූත් මිනිහෙක් හදන්න ඕනෑ. අලූත් මිනිහෙක් මෙන්ම අලූත් ආර්ථිකයක් හැදීම ගමන් කරන්නේ එකට. මේ දෙකට වෙන වෙනම ගමනක් නැහැ, එකට හැදෙන්න ඕනෑ. ආර්ථිකයක් හදන්න විද්‍යාත්මක සැලසුම් තිබෙනවා. අලූත් මිනිහෙක් හදන කොට කලින් සැලසුම්වලින් හදන්න බැහැ. අධ්‍යාපනය, ම`ගපෙන්වීම, ආදර්ශයන් අවශ්‍ය වෙනවා. මේ සමාජය තුළ පැරණි සමාජයේ සිටි මනුෂ්‍යයා වෙනුවට අලූත් මනුෂ්‍යයෙක් හදන්න ඕනෑ. අලූත් මානව පරම්පරාවක් නිර්මාණය කරන්න ඕනෑ. ඒක කරන්න නම් බලය හොබවන අය ඒ ආදර්ශය දිය යුතුව තිබෙන බවට විශ්වාස කරනවා.
අපි බලය ගෙන මාස එක හමාරක් තුළ පිළිගැනීමකට ලක්වෙලා තිබෙනවා. අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන බවට ඇගයීමක් සමාජය තුළ ඇතිවී තිබෙනවා. වරප‍්‍රසාද පාවිච්චි නොකරන, ජනතාවට වඩා උඩින් ඉන්න උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, නිහතමානීකම බලය ගත්තාට පසුවත් පවත්වාගෙන යනවා කියන හැඟීම ජනතාව තුළ ඇතිවී තිබෙනවා. ඒ ජයග‍්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව තිබෙනවා. අපි රටක් හදන්න ඕනෑ. සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. අපි පක්ෂයක් හදද්දී අනුගමනය කරපු, රැුකපු, ආරක්ෂා කරපු ඒ ගුණාංග සියල්ලම සමාජයක් හැදීමේදීත් අපට ඉතා අවශ්‍යයි. මේ සමාජය වෙනස් කිරීමේදී කරන බලපෑමත් එක්ක එම ගුණාංග එකින් එක ලිහී යන්න පටන් ගත්තොත් අපට අලූත් සමාජයක් හැදීමට නොහැකි වෙනවා. එහෙම වුණොතින් අනතුරක් තිබෙනවා. මේ සමාජය වෙනස් කිරීමෙන් මිස සමාජයට ඕන විදිහට හැසිරෙන අය නොවෙයි කියන අධිෂ්ඨානයෙන් අපි ඉන්න ඕනෑ.
ඉතිහාසය අලූතෙන් ලියන අය විදිහට අපි අලූත් සමාජයක් හදන්න පටන් ගෙන තිබෙනවා. බලයේ සිටි අයගේ ගුණාංග අප තුළට රිංගවීමට ගන්නා උත්සාහයන් පරාජය කරමින් අප තුළ තිබෙන ගුණාංග සමාජයේ ගුණාංග බවට පත්කරන්න අරමුණු කර ගත්ත, පරෙස්සමෙන් හා ඉවසීමෙන් කරන දේශපාලන මැදිහත් වීමත් මතවාදී මැදිහත් වීමත් ආර්ථික මැදිහත් වීමත් අපට අවශ්‍යයි. අපට ජයග‍්‍රහණ අත්පත් කර ගත හැක්කේ එහෙම වුණොත් පමණයි. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට, විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනඟලා, නවකයන් එක්ක ගමනක් ආරම්භ කළා. 1965 පටන් ගත් දේශපාලන ව්‍යාපාරය පියවරෙන් පියවර තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තිබෙනවා. ජනතාවගේ කැමැත්තෙන් බලය ලබා ගන්න අපි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ හැකියාවන් තිබෙන, විවිධ විෂයයන්ගේ ප‍්‍රාඥයන් එක අරමුණක් කරා යොමු කරවා ගන්න අපි සමත් වුණා. අපේ ආදර්ශයන් මත පිහිටා සිටිමින්, පැරණි සහෝදරවරුන් ජීවමාන සාක්ෂි බවට පත්කර ගනිමින්, හැමදාම අපේ හෘද සාක්ෂි ප‍්‍රශ්න කරන අය බවට පත්කර ගනිමින්, හොඳම හොඳ ගුණාංග, මානවවාදී ගුණාංග වෙනස් නොකර සමාජයේ යහපත සඳහා යොදා ගනිමින් මේ ගමන යමු.
අපේ ජයගත‍්‍රහණයන්ගේ රහස තිබෙන්නේ අපි මෙතෙක් රැුකගෙන ආ අපේ අරමුණු සහ අපේ ගුණාංග, සාමූහිකත්වය, සහෝදරත්වය, සමගිය, කැපකිරීම, පරිත්‍යාගය, සමාජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවී වැඩකිරීම වැනි හොඳ කි‍්‍රයාවන් එදාට වඩා ඉදිරි කාලයේදී අපට ඕනෑ වෙනවා. අපි ආණ්ඩුවක් කිරීම පක්ෂයක් හදනවාට වඩා සංකීර්ණයි. එසේ වුවත් පක්ෂයක් හදද්දී අප පාවිච්චි කළ හොඳ ගුණාංග රටක් හැදීමේදීත් අවශ්‍ය වෙනවා. ආණ්ඩු බලය ගත්තාට පක්ෂ සංවිධානය අහෝසි වෙන්නේ නැහැ. පෙරටත් වඩා හොඳින් තිබෙන්න ඕනෑ. සංවිධාන ගුණාංගවලින් මෙන්ම ඒවා රැුකෙන්න ඕනෑ. සංවිධාන ප‍්‍රතිපත්ති රැුකෙන්න ඕනෑ. අපිට ඕනෑම අභියෝගයක් ජය ගත හැක්කේ එවිටයි. සතුරන් පරදන්න හැකි වුණේ සංවිධාන ශක්තියෙනුයි. එයත් අපට රෝහණ විජේවීර සහෝදරයා දුන් ආදර්ශයක්.
35වන ඉල්මහ සමරුවේදී ඉතිහාසයේ පළමුවැනි වතාවට සතුටු සිතින්, යමක් දිනපු මිනිසුන් හැටියට ඉල්මහ සමරුවට එකතු වෙන්න හැකිවෙලා තිබෙනවා. මේ ජයග‍්‍රාහී සතුට සැබෑ සතුටක් කර ගන්න නම්, ආරම්භ කළ කාර්යය දිනවන්න ඕනෑ. සතුරන්ට අවස්ථාවක් නොදී ගොඩනඟන්න ඕනෑ. ජනතාවගේ සතුරා අතට බලයට පත්වීමට ඉඩකඩ නොතබා ජනතාවගේ සහයෝගයෙන් මේ පාලනය ඉස්සරහට ගෙන යන්න ඕනෑ. ජනතාවට පොරොන්දු වුණු ”පොහොසත් රටත් ලස්සන ජීවිතයත්” ලබා දෙන්න ඕනෑ. යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් ජනතාවට ලබා දෙන්න ඕනෑ. එය නිර්මාණය කිරීමට අවශ්‍ය බලය අපි ලබාගෙන තිබෙනවා. ඒ බලය තුළ වඩාත් විචක්ෂණශීලී මිනිසුන් හාටියට වඩාත් නම්‍යශීලී මිනිසුන් හැටියට මානවවාදී ගුණාංග හිතේ දරා ගත් මිනිසුන් හැටියට මේ ගමන සාමූහිකව ගමන් කළොත් මේ ගමන යා හැකිව තිබෙනවා.
අපි මොන කාර්යය කළත් තනතුරු නොලැබුණත් කොතන සිටියත් වගකීම පොදුයි; වගකීම එකයි. ඒ තමයි මේ ලද අවස්ථාව පාවිච්චි කරලා අලූත් සමාජයක් හදන එක. 1965 සිට අපේ සහෝදරවරුන් ඒ අලූත් රට නිර්මාණය කරන්න අපි හැමදොම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන, විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණවලට ගොදුරු නොවී, ඉදිරියට යා යුතුව තිබෙනවා. සතුරා කුමන අවලාද නැගුවත් නිවැරදි දිශානතියට ගමන් කිරීමට අපට හැකි වී තිබෙනවා. සියලූ බලවේග එකතු කරගනිමින් බලයක් නිර්මාණය කර ගනිමින් සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක් ගොඩනඟන්න පටන් ගෙන තිබෙනවා. ඉල්මහේ විරුවන්ට කළ හැකි එකම උපහාරය ඔවුන් පැතූ ලෝකය අපේ දෑතින් ඉදිකිරීම කියලා අපි අදත් කියනවා. මේ වෙනුවෙන් දිවිපි¥ සහෝදරවරු, ඒ වගේම කැපවුණු සහෝදරවරු බොහොමයක් ඉන්නවා. ඒ සියලූ දෙනා කැපවුණු, කළ කිසිවක් අපතේ ගිහින් නැහැ. අපේ සහෝදරවරු දිවි පුදා නිර්මාණය කරපු ව්‍යාපාරයේ අරමුණු අත්හැරියේ නැහැ; පාවා දුන්නේ නැහැ, දුෂ්කරතා මධ්‍යයේ අරමුණු ජයග‍්‍රහණය කරවීමේ දැවැන්ත කඩඉමකට එන්න හැකියාව ලැබී තිබෙනවා. දිවිපුදන අවස්ථාවේදී ඔවුන් ප‍්‍රාර්ථනා කළ ලෝකය ගොඩනැගෙන්න පටන් ගෙන තිබෙනවා. අපි අපේ පරම්පරාවේදී එම සමාජය ගොඩනැගීම අවසන් කරන බවට සපථ කරනවා.