2024.06.14 දින පදවිය ප්‍රදේශයේදී මොට ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ සැකකරු මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.02.25 වන දින උදෑසන මොරගහහේන කිතුලන්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 2024.06.15 වන දින පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ නිවසක්ද බිඳ රුපියල් 25000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොරකම්කල සැකකරුද වන අතර ඝාතනය සහ සොරකම සිදුකල පසු පදවිය ප්‍රදේශයෙන් පලාවිත් මොරගහහේන ප්‍රදේශයේ සැඟව සිටින විට පොලිස් විශේෂ කාර්යංශය අනාවරණය කරගත් බුද්ධි තොරතුරක් මෙසේ අත්අඩංගුවට පත්වී ඇත.

වයස අවුරුදු 30 ක් වන පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මෙම සැකකරු වෙනත් අපරාධ සිදුකර තිබේද.. අනාවරණය කරගැනීම සඳහා මොරගහහේන පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 573

Leave A Reply

Your email address will not be published. Required fields are marked *