අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිපල නැවත සමීක්‍ෂණයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ඔවුන්ගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් තම ප්‍රතිඵල ලබාගත හැක.මෙම නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල මත පදනම්ව 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයට අද (ඔක්තෝබර් 9) මධ්‍යම රාත්‍රී 12.00 වන තුරු ඔන්ලයින් (online) මඟින් තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මෙම කාලසීමාව කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.තවදුරටත් විමසීම් සඳහා, අපේක්ෂකයින්ට පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784208, 0112784537, හෝ 0112785922 දුරකථන අංක මඟින් සම්බන්ධ කර ගත හැකිය. ෆැක්ස් විමසීම් 0112784422 අංකයට යොමු කළ හැක.