2024 පළාත් දේපළ නිෂ්පාදිතය: ආර්ථිකයේ වැඩි බරක් තවමත් බස්නාහිරට – සෙසු පළාත්වලත් පිබිදීමක්!

2024 වසරේ ශ්‍රී ලංකාවේ පළාත් දේපළ නිෂ්පාදිත (PGDP) දත්තවලට අනුව, මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම දායකත්වය තවදුරටත් බස්නාහිර පළාත සතු වී ඇති අතර, සෙසු පළාත්වල දායකත්වය ද සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව, 2024 වසරේ මෙරට නාමික දේපළ නිෂ්පාදිතයෙන් සියයට 42.4 ක දැවැන්ත කොටසකට හිමිකම් කියමින් බස්නාහිර පළාත පෙරමුණ ගෙන සිටින්නේ සේවා සහ කර්මාන්ත යන අංශ දෙකෙහිම පවතින සක්‍රීය දායකත්වය හේතුවෙනි. මෙහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් වයඹ පළාත (සියයට 11.5) සහ මධ්‍යම පළාත (සියයට 10.7) විසින් හිමිකරගෙන ඇත. විශේෂයෙන්ම මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත් 2023 වසරට සාපේක්ෂව සිය ආර්ථික දායකත්වය ඉහළ නංවා ගැනීම කැපී පෙනෙන තත්ත්වයකි.​ආර්ථිකයේ විවිධ අංශ පිළිබඳව සලකා බැලීමේදී, කෘෂිකාර්මික අංශයෙන් සමස්ත දේශීය දායකත්වයෙන් සියයට 20.0 ක් ලබා දෙමින් වයඹ පළාත පෙරමුණ ගෙන සිටින අතර, මධ්‍යම (සියයට 13.9) සහ දකුණු පළාත (සියයට 11.8) ඊට පසුපසින් සිටී. කර්මාන්ත අංශයේ වැඩිම දායකත්වය වන සියයට 47.6 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, වයඹ (සියයට 12.0) සහ මධ්‍යම (සියයට 9.6) පළාත් ද කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන දායකයින් බවට පත්ව තිබේ. සේවා අංශය ද බස්නාහිර පළාතේ ආධිපත්‍යයට නතු වී ඇති අතර එහි දායකත්වය සියයට 44.5 කි. මෙම දත්ත මගින් බස්නාහිර පළාතේ ආර්ථික බලය තහවුරු වන අතරම, ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය හැඩගැස්වීමේදී සෙසු පළාත්වල වැඩෙන භූමිකාව ද මැනවින් පිළිඹිබු වේ.

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *