2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ජීව පද්ධති තාක්ෂණවේදය (Bio Systems Technology) විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන පෙබරවාරි 7 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා මධ්‍යස්ථාන 74කදී පැවැත්වෙන මෙම පරීක්ෂණ පෙබරවාරි 11 වනදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිතය. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් ලියාපදිංචි ලිපිනයන් වෙත තැපැල් මගින් යවා ඇත. මෙතෙක් ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒවා බාගත කරගැනීමේ පහසුකමද සලසා දී ඇත.


























