2025 නව වසර උදාව නිමිත්තෙන් 2024.12.31 වන දින කොළඹ නගරය වෙත පිටත පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් හාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබයි.
එබැවින් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය. මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව 2024.12.31 වන දින ගාලු මැද පාර පිහිටි රථ නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියළුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථ ගාල් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත.
මුදල් අයකිරීමක් සහිත පුද්ගලික රථගාල් පිහිටි ස්ථාන
පිට කොටුව
බැස් ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
කොටුව
විමලධර්ම සූරිය ඔරලෝසු කණුව අසල – වාමන්ස් රථ ගාල රාසික් ෆරීඩ් මාවත – හේමාස් රථගාල
ඩී. ආර්. විජේවර්ධන මාවත – ලේක් හවුස් රථගාල
✓කොම්පඤ්ඤ වීදිය – යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර්
රථගාල
මරදාන
ගාමිණී වට රවුම St Clement රථගාල
පහත සඳහන් නිදහස් රථගාල් සහ මාර්ග දෙපස, මුදල් අයකිරීමකින් තොරව අවහිරතා ඇති නොවන පරිදි රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.
කොටුව පොලිස් වසමේ බාලදක්ෂ මාවත MOD රථගාල
කොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගය
කොටුව හා මරදාන පොලිස් වසම්වල D. R. විජේවර්ධන මාවත
කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිටවීමේ තීරුව පමණක්
කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත
කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
කොටුව පොලිස වසමේ ඩියුක් වීදිය
ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථවාහන නැවතුම් ස්ථාන (Parkaing Bays) වල පමණක්
කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වට රවුම දෙසට ඇතුල්වීමේ තීරුව (වම්පස)
කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්. සේනානායක මාවත.
කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත හන්දියේ සිට රීඩ් මාවත, තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස
කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයේ දකුණු පස
කුරුදුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස
කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර
කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස
කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර
මෙදින මෙම කලාපයේ ඇති වන රථ වාහන අවහිරතාව මහහැරවීම සඳහා සවස 04.00 සිට ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව පහත සඳහන් පරිදි රථවාහන ගමනා ගමනය සිදු කිරීමට සලස්වනු ලබයි.
කොළඹින් පිට වන බර වාහන හා බස් රථ සෙරමික් හන්දියෙන් රීගල් හන්දිය ඔස්සේ ඩී. ආර්. විජේවර්ධන මාවත සහ චිත්තප්පලම් ඒ ගාඩ්න් මාවතෙන් කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට යොමුකර සැහැල්ලු වාහන සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, එන්. එස්. ඒ වටරවුම, ගාලු මැද පාර එම්. ඕ. ඩී හන්දියට පැමිණ බාලදක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, ශාන්ත මයිකල් වටරවුම, ලිබර්ටි වටරවුම දෙසට පිට වීම.
ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය, ඔස්සේ කොළඹට ඇතුළුවීම සිදු
කරනු ලබන අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළුවීම සිදු කරනු ලබයි.
මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන සේ කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවටත් ශ්‍රී ලංකා පොලිසිය දන්වා සිටී.