2025 වර්ෂයේ දී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට 650ක ආධුනික කණ්ඩායමක්

මොරටුව, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට මෙවරත් ආධුනික අභ්‍යාසලාභීන් 650ක කණ්ඩායමක් බඳවාගැනීමේ උත්සවය, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ.

වසර තුන, තුනහමාර සහ හතර (3. 31/2, 4) යන කාල සීමාවන්ට අයත් විෂය ක්ෂේත්‍ර දහයක (10) පාඨමාලා හැදෑරීමටත් අවසානයේ පැවැත්වෙන වෘත්තීය පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමටත් මෙම පුහුණු කාලය තුළ අභ්‍යාසලාභීන්ට සිදු වේ. අනතුරු ව ඔවුන්ට ආයතනය මගින් ප්‍රදානය කරනු ලබන සහතිකයක් මෙන් ම ‘NVQ 05 මට්ටමේ ජාතික ඩිප්ලෝමා සහතිකයක් සහ ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන වෘත්තීය නිපුණතා සහතිකයක් හිමි වේ.
මෙහි දී අභ්‍යාසලාභීන්ගේ භාෂා දැනුම දියුණු කිරීම වෙනුවෙන් විශේෂ පහසුකම් සහිත ව සැකසූ භාෂා මධ්‍යස්ථානයක් සිසු භාවිතයට පැවරීම ද නලින් හේවගේ මහතා අතින් සිදු විය.

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *