රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය. අමාත්‍යාංශ පරිශ්‍රයේ සියලු ඒකක වෙත ගිය අග්‍රාමාත්‍යවරිය නිලධාරීන් රාජකාරියේදි මුහුණ දෙන ගැටළු පිලිබඳව සිය අවධානය යොමු කළා ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය,
රටක් හදන්න රජයකට, පක්ෂයකට හෝ දේශපාලන අධිකාරියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි ඒ වෙනුවෙන් පුරවැසියන් මෙන්ම රටේ සියළු අංශ එක් විය යුතුයි.
රාජ්‍ය සේවකයන් ලෙස ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ විශේෂ වගකීමක් ඔබට තිබෙනවා. Clean Sri Lanka වැඩසටහනේ අරමුණ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි. මානව ප්‍රජාව ආකල්පමය වශයෙන් වෙනස් කිරීමත් ඇතුළත් වෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට ඒ වෙනුවෙන් විශේෂ වගකීමක් පැවරෙනවා.
රාජ්‍ය සේවය පිලිබඳ තිබෙන නරක ප්‍රතිරූපය වෙනස් කර යහපත් ප්‍රතිරූපයක් ඇති කර ගැනීමට ජනතා ගැටළුවලට විසඳුම් දෙන තැනක් ලෙස රාජ්‍ය සේවය පත්කර ගතයුතුයි. අධ්‍යාපනය තුළ වෘත්තීය අධ්‍යාපනය විශේෂ තැනක් බවට පත් කිරීම රජයේ අරමුණක්.
හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න අපි ඔබට අවස්ථාව දීලා තියෙනවා.මේ රට ගොඩ ගන්න ඕන කියන අභිප්‍රාය තියෙන රාජ්‍ය සේවකයන්ට උපරිම සහයෝගයත්, උපරිම ආරක්ෂාවත් අපි දෙනවා.
ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් රටේ දරුවන්ට ලබාදීමට නම් අධ්‍යාපනය තුළින් බුද්ධිමය පරිවර්තනයක් ඇති කළ යුතුයි. එවැනි ආයතන බොහොමයක් අයිති අධ්‍යාපන අමාත්‍යංශයටයි. රටට අවශ්‍ය රැකියාවක් විතරක් කරන උපාධිධාරියෙක් නොවන බවත්, රට වෙනස් කළ හැකි බුද්ධිමය හා සංස්කෘතික කාර්යභාරයක් ඉටු කරන උපාධිධාරියෙක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හාවෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.