2025.02.18 වන දින සවස යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි දරුවන් දෙදෙනෙකු සහ පියෙකු මිද්දෙණිය ප්‍රදේශයෙදී වෙඩි තබා ඝාතනය කළ සැකකාර වෙඩික්කරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.03.05 වන දින දහවල් මිද්දෙණිය පොලිස් වසමේ කටුවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ.

සැකකරු වයස අවුරුදු 42 ක් වන කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද තවත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් එදිනම මිද්දෙණිය කැන්දකැටිය සහ වීරකැටිය කැප්පිටියාව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියද විමර්ශක නිලධාරීන් සොයාගත්හ.

ඒ අනුව එම බරපතල අපරාධය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 10 දෙනෙකු හා සැකකාරියක් මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත.

තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ඝාතනය –

ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.03.05 වන දින දහවල් කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ඝාතනය 2025.02.26 වන දින වාර්තාවී තිබූ අතර අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ දීර්ඝ විමර්ශනයේදී සැකකරු ඝාතනය අතරතුර තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව අනාවරණය වී ඇත.

සැකකරු වයස අවුරුදු 59 ක් වන වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අපරාධයට යොදා ගත් බවට සැකකෙරන උල් පිහි 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය සැකකරු සහ අපරාධය සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරයි.

#Srilankapolice #PoliceMedia #PoliceNews #srilankapolice #මේඔබේපොලිසියයි

What's your reaction?

Related Posts

1 of 771

Leave A Reply

Your email address will not be published. Required fields are marked *