2025 GIT විභාගය නව දිනය: ජනවාරි 11

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කල් දමන ලද 2025 වසරේ 12 ශ්‍රේණියේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2026 ජනවාරි 11 වන දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, මෑත කාලගුණ විපර්යාස හේතුවෙන් පීඩාවට පත් වූ සිසුන්ට ඔවුන්ගේ නම් කරන ලද විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට නොහැකි නම්, ඒ බව තම පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කළ යුතු බවයි. අනතුරුව, විදුහල්පතිවරුන් විසින් විපතට පත් විභාග අපේක්ෂකයින් පිළිබඳ විස්තර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දිය යුතු වේ.

What's your reaction?

Related Posts

1 of 886

Leave A Reply

Your email address will not be published. Required fields are marked *