2025 දී මෙරටට සංචාරකයින් මිලියන 1.78ක්! ඔක්තෝබර් මුල් දින 12 තුළ 62,741ක්!

ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කර ඇත්තේ, 2025 වසරේ මේ දක්වා (ඔක්තෝබර් 12 දක්වා) සංචාරකයින් 1,788,235ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. විශේෂයෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 12 තුළ පමණක් සංචාරකයින් 62,741ක් මෙරටට පැමිණ තිබේ.​අධිකාරිය පෙන්වා දෙන්නේ, ඔක්තෝබර් 1 සිට 7 දක්වා සංචාරකයින් 38,475ක් ද, ඔක්තෝබර් 8 සිට 12 දක්වා 24,266ක් ද පැමිණ ඇති බවයි.​මේ අතර, ප්‍රධාන සංචාරක මූලාශ්‍ර රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ. වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (18,299) වන අතර, අනෙකුත් ප්‍රමුඛ රටවල් වන්නේ චීනය (5,417), එක්සත් රාජධානිය (4,874), ජර්මනිය (3,804), ඕස්ට්‍රේලියාව (2,954) සහ එක්සත් ජනපදය (1,558) වශයෙනි.

What's your reaction?

Related Posts

1 of 789

Leave A Reply

Your email address will not be published. Required fields are marked *