2025 පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සියල්ල එක්සත් අරාබි එමීර්හීදී

2025 පාකිස්ථාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල එක්සත් අරාබි එමීර්හීදි පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වනවිට උද්ගතව ඇති දේශපාලනික ගැටලු මීට හේතුවයි.

මෙවර පාකිස්ථාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 8ක් ඉතිරිව තිබේ.

ඒවා පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඉදිරියේදී නිවේදනය කරනු ඇති.

ඊයේ රාත්‍රීයේ ඉන්දියාව පාකිස්ථානයට ඩෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් එය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් පකිස්ථාන බලධාරීන් පවසයි.

කෙසේ නමුත් එක් ඩෝන යානයක් රාවල්පින්ඩි ක්‍රීඩාංගණය ආසන්න වීදියකට කඩා වැටීම හේතුවෙන් එහි පැවැත්වීමට තිබූ තරගය ඇත්හැර දැමීමට බලධාරීන්ට සිදුවිය.

පකිස්ථාන ක්‍රිකට් මණ්ඩල සභාපති මොසින් නක්වින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ , ක්‍රීඩාව සහ දේශපාලනය වෙන් කොට තිබිය යුතු බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *