2025 පෙබරවාරි මාසයෙත් සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 28 දක්වා කාලය තුළ සංචාරකයන් 240,217 ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය ඕනෑ ම වසරක පෙබරවාරි මාසය තුළ පැමිණ ඇති වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ලෙස වාර්තා වේ.

මීට පෙර පෙබරවාරි මාසයට අදාල වැඩිම සංචාරක පැමිණිම 2018 වසරේ වාර්තා වූ  අතර එම සංඛ්‍යාව 235,618 කි.

ඒ් අනුව 2025 වසරේ මුල් මාස දෙකෙදීම සංචාරකයන්ගේ පැමිණීමේ වාර්තා අලුත් කර තිබීම විශේෂත්වයක් වේ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *