2025 වසරේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,700කට වැඩි පිරිසකට දකුණු කොරියානු රැකියා!

2025 වර්ෂය තුළ මේ දක්වා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,712 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ යටතේ දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (16) යූ.එල් 470 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් පිටත්ව ගියහ. මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය 939 වන ශ්‍රී ලාංකික කණ්ඩායම ලෙස වාර්තා වේ. මෑත කාලීනව තරුණියන් දකුණු කොරියානු රැකියා සඳහා යොමුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඒ අනුව 2025 වසරේදී පමණක් කාන්තාවන් 132 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.​විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කොරියානු මානව සම්පත් සංවර්ධන සේවාව අතර ඇති අවබෝධතා ගිවිසුමකට අනුව, මෙම රැකියා අවස්ථා E-9 වීසා කාණ්ඩය යටතේ පිරිනමනු ලැබේ. නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර, කෘෂිකාර්මික සහ සේවා යන ක්ෂේත්‍රවල මෙම රැකියා අවස්ථා පවතින අතර, තේරී පත්වන සේවකයින්ට වසර 4යි මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවසර ලැබේ. නියමිත කාලය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සේවකයින්ට නැවතත් දකුණු කොරියාවට ඇතුළු වී රැකියා කිරීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *