ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවට අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා විදුලි ගාස්තු 11.57% කින් ඉහළ නැංවීමට අපේක්ෂිතය. මෙම සංශෝධනය යටතේ නිවාස, ආගමික ස්ථාන, කර්මාන්ත සහ වාණිජ ඇතුළු සියලුම පාරිභෝගික කාණ්ඩවල ඒකක ගාස්තු මෙන්ම ස්ථාවර මාසික ගාස්තුද ඉහළ දැමීමට යෝජනා වී ඇත. විශේෂයෙන්ම නිවෙස් පරිභෝගිකයන් සඳහා වන සියලුම පාරිභෝජන මට්ටම්වල (blocks) ගාස්තු මෙලෙස ඉහළ යනු ඇතැයි අදාළ ලේඛනවල සඳහන් වේ.


























