2026 වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පෙබරවාරි මස 01 වැනිදා ආරම්භ කරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (PAFFREL) නිවේදනය කරයි. මෙවර ද සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන අතර, ඔවුන් පිවිසෙන්නේ අලුතින් එක්වන හෝ ඉවත් කරන නම් ඇතුළත් “A” සහ “Aa” ලේඛනවලට අදාළ නිවෙස්වලට පමණි. ඡන්ද හිමි නාමලේඛනය විධිමත් කිරීමේදී දේශපාලන පක්ෂ නියෝජිතයින්ට නිරීක්ෂණ කටයුතු සඳහා අවස්ථාව හිමි වන අතර, නුසුදුසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම හෝ සුදුසු අය මඟහැරීම වැනි අක්‍රමිකතා සිදුවන්නේ නම් ඒ පිළිබඳව ලිඛිතව දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කළ හැකිය.පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ සාමාන්‍ය පදිංචිය නොමැති අය ලියාපදිංචි කිරීම, වයස අවුරුදු 18ට අඩු අය ඇතුළත් කිරීම හෝ ලිපින කිහිපයකින් පෙනී සිටීම වැනි අක්‍රමිකතා වැළැක්වීමට දේශපාලන පක්ෂ ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බවයි. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව තිබුණද, බොහෝ පක්ෂ ඒ සඳහා උනන්දුවක් නොදක්වන බව එම සංවිධානය පවසයි. මැතිවරණයක් ආසන්නයේ ආධාරකරුවන්ගේ නම් ලැයිස්තුවේ නැතැයි මැසිවිලි නැගීමෙන් පලක් නොවන බැවින්, සුදුසු සියලු දෙනා නාමලේඛනයට ඇතුළත් කිරීම සහතික කිරීමට නම් මෙම සංගණන ක්‍රියාවලියට දැනටමත් සක්‍රීයව දායක වන ලෙස ඔවුන් අවධාරණය කරයි.


























