2026 ජාතික විභාග කාලසටහන එළිදකියි: ප්‍රධාන විභාග 7ක් වසර පුරා!

​ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 වසරේ පැවැත්වීමට නියමිත ජාතික විභාග කාලසටහන ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව වසර පුරා ප්‍රධාන විභාග හතක් පැවැත්වීමට සැලසුම් කර ඇත. වසරේ පළමු විභාගය ලෙස 2025 වර්ෂයට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2026 ජනවාරි 11 වනදා පැවැත්වේ. අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 සිට 20 දක්වා පවත්වනු ලබන අතර, 2025 අධ්‍යයන වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතය.​2026 වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වනදා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව 2026 උසස් පෙළ විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වා පැවැත්වේ. මීට අමතරව, 2027 වසරේ පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇත. වසරේ අවසාන ජාතික විභාගය ලෙස 2026 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 සිට 17 දක්වා පැවැත්වෙනු ඇත. විභාග බලධාරීන් පෙන්වා දෙන්නේ කල්ගිය විභාග කඩිනමින් පවත්වා ජාතික විභාග දින දර්ශනය නැවත යථා තත්ත්වයට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *