2026 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද, එනම් 2026 පෙබරවාරි 13 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල් සඳහා පළමු වාරයේ තෙවන අදියර 2026 මාර්තු 03 වන අඟහරුවාදා දින නැවත ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත්, මුස්ලිම් පාසල්වල පළමු වාරයේ තෙවන අදියර ආරම්භ වන්නේ 2026 මාර්තු 23 වන සඳුදා දින බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


























