2026 ලෝක විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි: ශ්‍රී ලංකාව 93 වන ස්ථානයට

2026 වසර සඳහා වන හෙන්ලි පාස්පෝට් දර්ශකයට (Henley Passport Index) අනුව, ලොව රටවල් 101ක් අතරින් 93 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය වසරේ රටවල් 44ක් සඳහා පූර්ව වීසා බලපත්‍ර නොමැතිව ගමන් කිරීමේ හැකියාව සහිතව 96 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවට, මෙවර එම අවස්ථාව හිමිව ඇත්තේ රටවල් 39ක් සඳහා පමණි. කෙසේ වෙතත්, දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පකිස්ථානයට වඩා ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සමත්ව ඇත. මෙම දර්ශකයේ අවසන් ස්ථානය හෙවත් 101 වන ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයට වන අතර, ඔවුන්ට වීසා රහිතව ප්‍රවේශ විය හැක්කේ රටවල් 24කට පමණි.​මෙම වර්ගීකරණයේ පෙරමුණ අඛණ්ඩව තුන්වන වසරටත් ලබා ගැනීමට සිංගප්පූරුව සමත්ව ඇත්තේ තම පුරවැසියන්ට රටවල් 192ක් සඳහා වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව ලබා දෙමිනි. දෙවන ස්ථානය ජපානය සහ දකුණු කොරියාව හිමිකරගෙන ඇති අතර, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් තෙවන ස්ථානය බෙදාගෙන ඇත. ලොව පුරා පවතින විදේශ ගමන් බලපත්‍ර මගින් පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව පදනම් කරගනිමින් මෙම හෙන්ලි පාස්පෝට් දර්ශකය වාර්ෂිකව සකස් කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 942

Leave A Reply

Your email address will not be published. Required fields are marked *