2026 වසර උදාවෙද්දී දිස්වන අහස් අසිරිය: උල්කා වර්ෂාවක් සහ සුපිරි සඳක්!

ජනවාරි 03 සහ 04 යන දිනයන්හි රාත්‍රී අහසේ වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නැරඹීමට මෙරට තාරකා විද්‍යා ලෝලීන්ට අවස්ථාව උදා වේ. විශේෂයෙන් හෙට අලුයම 4 ත් 5 ත් අතර කාලය තුළ ඊසානදිග අහස දෙස බැලීමෙන් පැයකට උල්කා 80 ක් පමණ දර්ශනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍ය උල්කා වර්ෂාවන් ධූමකේතු ආශ්‍රිතව නිර්මාණය වුවද, මෙම වර්ෂාව ග්‍රාහක කැබලි පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් හටගන්නා බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.​මීට අමතරව, අද දිනයේ පෘථිවියට ඉතා සමීප වන “සුපිරි සඳක්” (Super Moon) දැකගත හැකි වීම තවත් සුවිශේෂී සිදුවීමකි. චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන ඉලිප්සාකාර කක්ෂයේ පෘථිවියට සමීපතම ස්ථානයට අද දහවල් 3:32 ට පමණ පැමිණි අතර, මේ නිසා වෙනදාට වඩා 14% ක විශාලත්වයකින් සහ 30% ක වැඩි දීප්තියකින් සඳ දර්ශනය වනු ඇත. මෙම තත්ත්වය මැනවින් නිරීක්ෂණය කළ හැක්කේ සඳ උදාවන අවස්ථාවේදීය.​සමස්තයක් ලෙස 2026 වසර ජ්‍යෝතිෂ්‍ය හා තාරකා විද්‍යාත්මකව වැදගත් වසරක් වන්නේ සාමාන්‍යයෙන් වසරකට යෙදෙන පෝය දොළහ වෙනුවට මෙවර පෝයවල් 13 ක් යෙදී තිබීම හේතුවෙනි. මෙහිදී මැයි මාසය තුළ පෝය දින දෙකක් යෙදෙන බවත්, වසරේ පළමු මාසය වන ජනවාරි මාසයේදීම මෙවැනි දුර්ලභ ගණයේ අභ්‍යාවකාශ සංසිද්ධීන් රැසක් එකවර අත්විඳීමට ලැබීම සුවිශේෂී බවත් ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 926

Leave A Reply

Your email address will not be published. Required fields are marked *