2026 අයවැය විවාදයේ තෙවැනි දිනය අදයි!

2026 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදයේ තෙවැනි දිනය අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව පෙ.ව. 9:30ට රැස්වන අතර අයවැය විවාදය පෙ.ව. 11:00ට ආරම්භ වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙවත් අයවැය කථාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2026 අයවැය යෝජනාවට අනුව, රජයේ අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 5,300ක් ලෙසත්, වියදම් රුපියල් මිලියන 7,057ක් ලෙසත් ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.1%ක් හෙවත් රුපියල් මිලියන 1,757ක් වනු ඇත. දින හයක් පුරා පැවැත්වෙන 2026 අයවැයේ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනි සිකුරාදා ප.ව. 6:00ට ඡන්ද විමසීමකින් අවසන් වීමට නියමිතය. විසර්ජන පනත් කෙටුම්පතේ තෙවැනි වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් පුරා පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව. 6:00ට පැවැත්වීමට නියමිතය. ඒ අනුව, රාජ්‍ය නිවාඩු දින සහ ඉරිදා දින හැර අයවැය කාලසීමාව තුළ සෑම දිනකම 2026 අයවැය විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 834

Leave A Reply

Your email address will not be published. Required fields are marked *