2026 විස්සයි-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ: නායකත්වය යළි දසුන් ශානකට?

2026 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් වන ශ්‍රී ලංකා මූලික සංචිතය (Preliminary Squad) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (19) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත මෙම මූලික සංචිතයේ ප්‍රමුඛයා ලෙස දසුන් ශානක නම් කර ඇත.​ලෝක කුසලාන තරඟාවලිය අවසන් වන තෙක් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වෙත පවරා ඇති බව වාර්තා වේ. නව තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත්තේ කණ්ඩායමේ ඉදිරි සැලසුම් සහ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම තීරණ ගත් බවයි.​නිවේදනය කර ඇති සංචිතයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ වැනි දක්ෂ තරුණ ක්‍රීඩකයින් ද ඇතුළත් කර තිබේ. මීට අමතරව භානුක රාජපක්ෂ වෙනුවට කමිල් මිෂාර, පවන් රත්නායක සහ සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් ද සංචිතයට කැඳවා ඇත.​වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුශංක ඇතුළත් කර ඇති අතර, දඟ පන්දු අංශය සඳහා මහීෂ් තීක්ෂණ, දූෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත් සහ ට්‍රැවීන් මැතිව් නම් කර තිබේ.​

ශ්‍රී ලංකා මූලික සංචිතය සම්පූර්ණයෙන්:

දසුන් ශානක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, මහීෂ් තීක්ෂණ, දූෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්.

What's your reaction?

Related Posts

1 of 911

Leave A Reply

Your email address will not be published. Required fields are marked *