26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අද

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 26 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල අද(07) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ.

අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානයයි.
මෙම සම්මාන ප්‍රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *