3 වැනි සාර්ක් ස්නූකර් ශූරතාව මුහම්මද් අසීෆ් දිනා ගනී.

3 වැනි සාර්ක් ස්නූකර් ශූරතාව මුහම්මද් අසීෆ් දිනා ගනී.

එම්.ජේ.එම්. ලෆීර් කුසලානය සඳහා පැවැත්වූ තුන්වන සාක් ස්නූකර් ශූරතාව තරගාවලිය ඊයේ නිමා උනා.
තරගාවලිය පැවැත්වුණේ කොළඹ මූවස් ක්‍රීඩා සමාජ ස්නූකර් ක්‍රීඩාගාරයේදී.

මුහම්මද් අසීෆ් තුන් වතාවක් ලෝක ස්නූකර් ශූරයා වන අතර ඔහු වත්මන් ලෝක ශූරයාද වේ.

රටවල් හයක සහභාගිත්වයෙන් සාර්ක් ස්නූකර් ශූරතාවලිය පැවැත්වුණා.
රාමු නවයක් ක්‍රීඩා කරන අවසන් මහා තරගයේදී පාකිස්තාන ක්‍රීඩක මුහම්මද් අසීෆ් ,ශ්‍රී ලංකාවේ ඉර්ෂාත් තාහාව රාමු පහකට බිංදුවක් ලෙස පරාජයට පත් කළා.

කුසලානයට අමතරව ඩොලර් 2500ක මුදල් ත්‍යාගයක් ද ශූරයාට හිමි විය.

අනුසූරතාව සමග තාහාට ඩොලර් 1500ක් හිමි වූ අතර අවසන් පූර්ව ජයග්‍රාහකයන්ට ඩොලර් 500 බැගින් හිමිවුනා.
සිව්දින ශූරතාවලියේ වැඩි දස්කම් දැක්වූ ඉන්දියාවේ කමල් චව්ලාට ඩොලර් 250 ක මුදලක් ප්‍රදානය කළා.

මුහම්මද් අසීෆ් (පාකිස්තානය) 5-0 (99/3, 73/46, 85/38, 109/6, 74/8) ඉර්ෂාත් තාහා (ශ්‍රී ලංකාව) එක් රාමුවක්වත් දිනා ගැනීමට හැකි උනේ නෑ.
කුසලාන ප්‍රධානයද මෙහිදී සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 663

Leave A Reply

Your email address will not be published. Required fields are marked *