5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා කැඳවයි!

2025 වසරේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2026 වර්ෂය සඳහා පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු අදියරේ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් විවෘත වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අභියාචනා අයදුම්පත් ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා 2026 ජනවාරි 25 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.​ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් හෝ http://g6application.moe.gov.lk/#/ යන සෘජු සබැඳිය (Link) ඔස්සේ අභියාචනා ඉදිරිපත් කළ හැකිය. මෙහිදී එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් පාසල් තුනක් සඳහා උපරිමව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *