2025 වසරේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2026 වර්ෂය සඳහා පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු අදියරේ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් විවෘත වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අභියාචනා අයදුම්පත් ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා 2026 ජනවාරි 25 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් හෝ http://g6application.moe.gov.lk/#/ යන සෘජු සබැඳිය (Link) ඔස්සේ අභියාචනා ඉදිරිපත් කළ හැකිය. මෙහිදී එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් පාසල් තුනක් සඳහා උපරිමව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


























