5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනය

2024-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි සම්පූර්ණ කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් 2025.03.25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කල යුතු බවට 2024-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත සුදුසුකම් ලද සිසුන්ගේ දෙමාපියන් වෙත සහ අදාළ විදුහල්පතිවරුන්ට  දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *