අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 10 වන දින පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල යළි පරීක්ෂා කිරීමේ ප්‍රතිඵල නිවේදනය කර ඇත.අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස, තම විභාග දර්ශක අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැක.ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් හෝ විෂමතාවයක් ඇත්නම් පහත දුරකථන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව සම්බන්ධ කර ගැනීමෙන් ඒවා පැහැදිලි කර ගත හැකි බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි: 1911, 011-2784208, 011-2784537, 011-2785922, හෝ 011-2784422.