59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 59 වැනි වරටත් පවත්වනු ලබන “ජාතික අලුත් සහල් මංගල්‍යය” හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින තුළ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වය ලබා දීමට නියමිතය.​දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් පැමිණෙන ගොවි ජනතාව සිය අස්වැන්නෙන් කොටසක් පූජා කරමින් සහභාගී වන මෙම මංගල්‍යය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයීය ආයතන රැසකගේ දායකත්වයෙන් සංවිධානය වේ. සරු අස්වැන්නක් ලබා දුන් සොබාදහමට සහ තෙරුවන් කෙරෙහි ගෞරවය පුද කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.​මෙම අවස්ථාවට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්වීමට නියමිතව ඇත. දේශීය කෘෂිකාර්මික සංස්කෘතියේ අභිමානය විදහා දක්වන මෙම පෞරාණික චාරිත්‍රය ඉටු කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,084

Leave A Reply

Your email address will not be published. Required fields are marked *