6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ අර්බුදය: “අස්විය යුත්තේ නිලධාරීන් නොව හරිනි” – නාමල් පවසයි

ආන්දෝලනාත්මක 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගෙන අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ කමිටු ප්‍රධානියා පත් කළේ අග්‍රාමාත්‍යවරිය වන බැවින් සහ ඇය අමාත්‍යාංශය භාරව කටයුතු කරන බැවින් එම වගකීමෙන් ඇයට නිදහස් විය නොහැකි බවයි.​එමෙන්ම, මෙම පොත පිටස්තර පුද්ගලයෙකුට මුද්‍රණය කළ නොහැකි බවත් එය අමාත්‍යාංශය තුළම සිදුවිය යුත්තක් බවත් පවසමින් අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම විහිළුවක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. අමාත්‍යාංශ ලේකම්වරයෙකු රවටා මෙවැනි දෙයක් කිරීම අපහසු බවත්, කිසිදු පුද්ගලයෙකුට තනිවම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මෙවැනි තීරණ ගත නොහැකි බවත් පෙන්වා දුන් රාජපක්ෂ මහතා, මෙහි සැබෑ වගකීම දේශපාලන නායකත්වය විසින් භාරගත යුතු බව අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 926

Leave A Reply

Your email address will not be published. Required fields are marked *