ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද 6 ශ්‍රේණියේ අලුත් ඉංග්‍රීසි භාෂා මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් සඳහන් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අද (දෙසැම්බර් 31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ, මෙම නුසුදුසු වෙබ් ලිපිනය ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර බලපෑමක් පවතින බවට අමාත්‍යාංශයට සාධාරණ සැකයක් පවතින බවයි. රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පවතින විරෝධය හමුවේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.මෙම ගැටලුව මුලින්ම අනාවරණය වූයේ සමාජ ක්‍රියාකාරිනියක වන තිළිණි ශාල්වින් විසින් සිදුකළ පෙන්වා දීමකට අනුවය. එහිදී ඇය පෙන්වා දී තිබුණේ නව විෂය නිර්දේශයේ ස්ථාන තුනක සිදුව ඇති අකුරු වැරදීමක් (Typing error) හේතුවෙන්, සිසුන්ට නියමිත අධ්‍යාපනික යෙදවුම වෙනුවට සමලිංගික ප්‍රජාව ඉලක්ක කරගත් වෙබ් අඩවියකට පිවිසීමට සිදුවන බවයි. මෙම තත්ත්වය තහවුරු වීමත් සමඟ අදාළ මොඩියුලය මුද්‍රණය කර තිබුණද, ඒවා බෙදා හැරීම වහාම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, වගකිවයුත්තන් හඳුනාගෙන ඉදිරියේදී මෙවැනි වැරදි සිදු නොවීමට දැඩි පියවර ගන්නා බවත්ය.


























