ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය අද උදෑසන වීරවිල ගුවන් හමුදා කඳවුරින් ආරම්භ විය.
පිරිමි පා පැදි තරඟය තෙදිනක් පුරා පැවැත්වෙන අතර එහි පළමු අදියර ලෙස වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර 14.05 ක දුරක් ධාවනය කෙරේ.
ඒ සඳහා තරඟකරුවන් 168 දෙනෙක් සහභාගී වේ.