75 වන විශ්ව රූ රැජින (Miss Universe) තරගාවලිය තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඊට සහභාගී වන විවිධ රටවල තරගකාරියන් මේ වන විටත් සූදානම් වෙමින් පුවර්ටෝ රිකෝ රාජ්‍යයට ළඟාවීමට පටන් ගෙන තිබේ. නොවැම්බර් 24 වනදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට පෙර, 2026 විශ්ව රූපරජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නිම්හාරා සසින්දි ද සත්කාරක රට බලා පිටත්ව ගොස් ඇත. තරගාවලිය සඳහා ඇයගේ නික්ම යාම සනිටුහන් කරමින් ‘Miss Universe Sri Lanka’ සංවිධානය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇයට සුභපැතුම් එක්කර තිබේ. “පුවර්ටෝ රිකෝ හි පැවැත්වෙන 75 වන විශ්ව රූ රැජින තරගාවලියේදී අපගේ ආදරණීය මාතෘභූමිය නියෝජනය කිරීමට යන අපගේ රූපරජින, 2026 ශ්‍රී ලංකා විශ්ව රූ රැජින නිම්හාරා සසින්දිට අපගේ හෘදයාංගම සුභපැතුම් සහ උණුසුම් සුභාශිංසන එක්කරන්නේ ඉතාමත් ආඩම්බරයෙන් සහ සතුටිනි,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ. එමෙන්ම, මෙම සුන්දර තරගකාරිය රැගෙන යන්නේ හුදෙක් කිරුළ පමණක් නොව, මුළු මහත් ජාතියේම බලාපොරොත්තු, සිහින, සංස්කෘතිය සහ අභිමානය බවද එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.”ඔබගේ කැපවීම, අලංකාරය, බුද්ධිය සහ විශ්වාසය ඔබව මෙවැනි අතිවිශේෂ ජාත්‍යන්තර වේදිකාවක් වෙත ගෙනවිත් ඇත” යනුවෙන්ද එහි සඳහන් වේ.සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සහයෝගය සහ ආශිර්වාදය නිම්හාරා සසින්දි වෙත හිමිවන බව පැවසූ එම සංවිධානය, “විශ්වාසයෙන් බබළන්න, ගම්භීරත්වයෙන් ඉදිරියට යන්න, ශ්‍රී ලාංකේය කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය සහ ශක්තිය මුළු විශ්වයටම පෙන්වන්න. ශ්‍රී ලංකාවට අභිමානයක් එකතු කරන්න,” යනුවෙන් සටහන අවසන් කර ඇත.



























