77 වන නිදහස් දින සැමරුමට සහභාගී වන ත්‍රිවිධ හමුදා සෙබළුන් ප්‍රමාණය 40% කින් අවම වෙයි – ආරක්ෂක ලේකම්

 77 වන නිදහස් දින සැමරුමට සහභාගී වන ත්‍රිවිධ හමුදා සෙබළුන් ප්‍රමාණය 40% කින් අවම කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මෙවර නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජය පරිපාලන, පලාත් සභා හා පාලාත් පාලන අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේ ය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා,

”මේ නිදහස් සමරුම මේ රටේ පුරවැසියන්ගේ ඇත්ත නිදහස් සමරුම හැටියට පැවැත්වීමට අපි කටයුතු කරනවා. සමාන්‍යයෙන් නිදහස් උත්සවය වැඩිපුරම පැවැත්වෙන්නේ ගාලු මෝදර පිටියේදී. මෙවර අපි ඒ වෙනුවට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මේ උත්සවට පැවැත්වීමට තීරණය කරගෙන තිබෙනවා. සමහර අවස්ථාවල පහුගිය කාලේ අපි දැක්කා ඇත්තටම නිදහස් උත්සවය කාගෙද කියන ප්‍රශ්නය තිබුණා. මෙවර සැබැවින්ම මේ නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක් බවට පත්කරන්න අපි රජයක් හැටියට තීරණය කරලා තියනවා”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා,

”මෙවර සම්පුර්ණ සංයුතිය වෙන්නේ 1873ක් හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වෙන පෙළපාලියක්. ගියවරට වඩා 1511කින් අඩුවීමක් කරල තියනවා. 40% වැනි ප්‍රමාණයකින් අපි අඩුවීමක් කරල තියනවා. නමුත් පෙළපාලියේ තියෙන ගාම්භීරත්වය සහ ඒ අභිමානය රැකදෙන පරිදි ඒක සැලසුම් කරල තියනවා. මෙවර ගුවන් හමුදාවේ ගුවන් යානා උපයෝගි කරගන්නෙ යානා 3ක් පමණයි. ගියවර 19 සහභාගි වෙලා තියනවා. මෙවර සන්නද්ධ රථ පෙළපාලි සම්බන්ධ වෙන්නෑ. හමුදා 3න්ම සමාජිකයන්ගේ පෙළපාලි පමණයි සහභාගි කරවගන්නේ. නාවික හමුදාව විසින් සම්ප්‍ර‍දායිකව ආචාර වෙඩිමුර 25ක් පවත්වනවා. මුහුද මැද නෞකාවක. ඒක සාම්ප්‍රධානුකූලව පවත්වන දෙයක්.’

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *