77 වන නිදහස් සමරු උළෙළ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් උළෙලක්

මෙවර පැවැත්වෙන 77වන නිදහස් උළෙල , රටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් උළෙලක් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම් අබයරත්න  මහතා පැවසීය. 77 වන නිදහස් දින සමරු උළෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමෙින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු යන තේමාව යටතේ පෙබරවාරි 04 වන දා නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ  මෙවර නිදහස්දින උළෙල පැවැත් වේ. අත්‍යාවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරමින් ජනතාවට සිදුවන දුෂ්කරතා අවම කර ගනිමින් මෙවර නිදහස් දින උළෙල පැවැත්වෙන අතර , සාමාන්‍ය ජනතාවට උත්සවය දැකබලා ගැනීම සඳහා වැඩි ඉඩකඩක් ලබා දෙන බවද  අමාත්‍යවරයා කීය.

නිදහස දිනාදීම වෙනුවෙන් කැපුවූ දස දහස් ගණන් දේශප්‍රේමීන් සිටින බවත් එහෙත් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් එම සැබෑ නිදහස භුක්තිවිඳිනවාද යන ප්‍රශ්නය අප ඉදිරියේ ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

නව දේශපාලන සංස්කෘතියක්  සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ  බහුතර  ජනතාව පෙළගැසුණු බවත්,  එම පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් මෙවර නිදහස් උළෙල පැවැත්වෙන බවද කීය. මේ රටේ සියලු පුරවැසියන්ට සමානව සළකන සිංහල , දමිළ  ඇතුළු සියලු ප්‍රජාව සහෝදරත්වයෙන් කටයුතු කරන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට 77 වන නිදහස් උළෙල උපයෝගී කර ගන්නා බවද අමාත්‍යවරයා  කීය .

What's your reaction?

Related Posts

1 of 622

Leave A Reply

Your email address will not be published. Required fields are marked *