77 වැනි නිදහස් දින සමරු උළෙල අවම පිරිවැයකින් අභිමානවත්ව පැවැත්විමට සියල්ල සූදානම්

77 වැනි නිදහස් දින සමරු උළෙල අවම පිරිවැයකින් අභිමානවත්ව පැවැත් විමට සියල්ල සූදානම් බවත්, මෙවර උත්සවය පිරිවැය අවම කර ගනිමින්, අභිමානය සහ ගාම්භීරත්වය ආරක්ෂා කරගනිමින් පවත්වන බව  පළාත් සභා සහ පළාත් පාලන ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා පැවසීය. ලේකම්වරයා මේ බව පැවසුවේ 77 වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමසඳහා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නිදහස් උළෙල සම්බන්ධයෙන් සංවිධානය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට බවත් එම සංවිධාන කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවද ඒ මහතා පැවසීය.

විශාල රාජ්‍ය ආයතන සංඛාවක් මේ සඳහා සම්බන්ධ වන බවත් නිදහස් උත්සවය සංවිධානය කිරීමේදි මූලික වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කළ බවත් ලේකම්වරයා පැවසීය. මෙය රටේ ප්‍රධානම උත්සවයක් වනවා සේම ජාත්‍යන්තර අවධානයට ලක් වන උත්සවයක් වන බව කී ලේකම්වරයා , ජාතික සංහිදියාවටත් වැඩි පුරවැසි සහභාගීත්වයක් ලබා ගැනීමත් මෙවර වැඩි අවධානයක් යොමු වූ බව පැවසුවේය

නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වීම ඊයේ(29) ආරම්භ වූ බවත්  මහජනතාවට අවහිරක් නොවන පරිදි එම කටයුතු සිදුවන බවද ලේකම්වරයා  වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *