දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිම් පාසල් ද්විත්වය වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ පොළඹ විද්‍යාලය අතර 95 වැනි සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ටිකට් තරගාවලිය පෙබරවාරි 28 මාර්තු මස 01/02 යන දිනයන්හි කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි
දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන වෙනුවෙන් ආනන්ද-නාලන්දා ” සුලෝහිත සංග්‍රාමය” මහා ක්‍රිකට තරඟය පැවැත්වෙන අතර දෙවිදුහල් අතර පැවැත්වෙන පළමු තුන්දින මහ ක්‍රිකට් කරහය මෙවර පැවැත්වීම නිසාවෙන් ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ 95 වැනි සංග්‍රාසිය පෙර නොවූ විරූ ක්‍රීඩාශීලී අත්දැකීමක් වනු ඇත.
පලමු තුන්දින ක්‍රිකට් තරඟය පිළිබඳව දැනුවත් කිරීමට සහ එහි අනුග්‍රාහකයින් මාධ්‍යයට හඳුන්වාදීම වෙනුවෙන් වූ මාධ්‍යය හමුව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි සහ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජික රොෂාන් මහානා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ දී පෙබරවාරි 20 දින පැවැත්විණ.
මෙවර ආනන්ද – නාලන්දා “සුලෝහිත සංග්‍රාමයේ ” දී කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට ආශීන්ස නයිනායක නායකත්වය ලබා දෙන අතර ඔහු මෙවර කරඟවාරයේ දී තරඟ 12 කදී කඩුලු 55ක් දවා ගැනීමට සමත් විය.
ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 4ක්ද ඇතුළත්ය. 2023/24 තරගවාරයේදී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ උපනායකත්වය දැරූ ඔහු එම තරගවාරයේ දිවයිනේ වැඩිම කඩුලු ලාභීන් අතරට ද එක් විය.
නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරනු ලබන අතර ඔහුට මේවර තරඟචාරයේ තරග රැසක් ආබාධයක් හේතුවෙන් අහිමි විණි. ක්‍රීඩා කළ පරඟ 6කදී ඔහු ලකුණු 228ක් රැස්කරගෙන ඇත. සදෙව් නිමා වූ 2023/24 තරඟවාරයේ ලකුණු 1200 සීමාව පසු කරමින් වැඩිම ලකුණු ලාභීන් අතරට එක්වීමටත් අදාළ තරගවාරයේ ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා වීමටත් සමත් විය.
ආනන්ද විද්‍යාලය සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ ජයග්‍රහණ 12 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවේ. නාලන්දා විද්‍යාලය තරග 7 ක් ජයග්‍රහණය කර ඇත. 2003 වසරේදී සුලෝහිතසංග්‍රාමය ජයග්‍රහණය කරමින් ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලානය ආනන්ද විදුහල් කණ්ඩායම් සතු කර ගත්තද 2022 වර්ෂයේ පැවති 92 වැනි ආනන්ද – නාලන්දා සුලෝහිතසංග්‍රාමය ජයගත් නාලන්දා විදුහල එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලානය තමන් සතු කර ගත්හ.
මෙම අවස්ථාවේදි ප්‍රථම ටිකක් පත ලබා දීම මහේල ජයවර්ධන මහතා හා උපාලි ධර්මදාස
මහතා ඇතුලු දෙවිදුහලේ විදුහල්පති වරුන් එක්වීමෙන් සිදු කෙරුණා ඒ 96 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාට හා සිදත් වෙත්තමුණි මහතාටයි
අනතුරුව අනුග්‍රාහක බවතුන්ගේ පරිත්‍යාග ලබා දීම සිදුකෙරුණා