නීති විරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමේ අරමුණින් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශ කිහිපයක ඊයේ (26) සිදුකල මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම ගාල්ල මහමෝදර ප්‍රදේශයේ සුදු පිටියක් වැටලීමේදී කාන්තාවන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මෙහෙයුම් සිදුකර තිබුනේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේයි.