ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඇ. ඩො. මිලියන 52ක මූල්‍ය ආධාර සපයයි.ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් කෙරවලපිටිය-වරාය එල් දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියට සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ණය ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඒ යටතේ ස්වෛරී අනුග්‍රහය සහිත අරමුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක් සැපයීමට නියමිතය. මෙම අරමුදල් මගින් ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ ධාරිතාව ඉහළ නැංවීම, රටේ පුනර්ජනනීය බලශක්ති විභවය මුදා හැරීම සහ තිරසාර සංවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරේ.මුදල් අමාත්‍යාංශයේ/මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ AIIB හි රාජ්‍ය අංශ සේවාදායක දෙපාර්තමේන්තුවේ (ප්‍රදේශය 1) අධ්‍යක්ෂ ජනරාල් රාජත් මිස්රා මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ය. AIIB සභාපති ජින් ලිකුන් මහතා ද ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර මෙම ඉහළ පෙළේ ගිවිසුම් අත්සන් කිරීමට එක්විය.2016 වසරේදී ආරම්භ කරන ලද AIIB යනු “හෙට දවස සඳහා යටිතල පහසුකම්” තිරසාරභාවය මුල් කරගනිමින් මූල්‍යකරණය සඳහා කැප වූ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවකි. දැනට ලොව පුරා අනුමත සාමාජිකයින් 110 ක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක ප්‍රාග්ධනයක් ඇති මෙම බැංකුව ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් AAA ශ්‍රේණිගත කර ඇත. AIIB හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් ප්‍රාග්ධනය බලමුළු ගන්වන අතර, තිරසාර ආර්ථික වර්ධනයට සහ කලාපීය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමට දායක වෙමින් යටිතල පහසුකම් සහ අනෙකුත් ඵලදායි අංශවල ආයෝජනය කරයි.මෙම ව්‍යාපෘතියට කෙරවලපිටිය ස්විචින් ස්ථානය (Switching Station) සහ කොළඹ වරාය එල් ග්‍රිඩ් උපපොළ (Grid Substation) සම්බන්ධ කරමින් 220kV තනි පරිපථයක භූගත කේබල් පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ඉදිකිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මෙම මාර්ගයේ ඇති දෙවන භූගත කේබලය ලෙස, එය 2019 දී ආරම්භ කරන ලද පළමු මාර්ගයට අනුපූරක වනු ඇත. කෙසේ වෙතත්, කොළඹ නාගරික ප්‍රදේශයේ පුරෝකථනය කරන ලද විදුලි ඉල්ලුම සපුරාලීමට පළමු මාර්ගය ඉක්මනින්ම ප්‍රමාණවත් නොවනු ඇත. එබැවින්, මෙම නව සම්ප්‍රේෂණ මාර්ගය අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම, පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම සහ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් ජනනය කරන පුනර්ජනනීය බලශක්තිය කොළඹ ප්‍රධාන බර මධ්‍යස්ථාන වෙත ලබා ගැනීමට හැකිවීම සඳහා අත්‍යවශ්‍ය වේ.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු, කොළඹ නාගරික සංවර්ධන ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රජාවට, නාගරික සේවාවන්ට සහ ව්‍යාපාරවලට ස්ථාවර සහ විශ්වාසදායක විදුලි සැපයුමක් සැපයීමෙන් ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂා කෙරේ. එය ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ ආර්ථික කලාපයේ වර්ධනය වන විදුලි අවශ්‍යතාවලට සෘජුවම සහාය වන අතර, ප්‍රධාන විදුලි බිඳවැටීම් අවදානම වක්‍රව අඩු කිරීමෙන් සැලකිය යුතු ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලබා දෙනු ඇත.මෙම ව්‍යාපෘතිය AIIB සහ බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව අතර ගැඹුරු වන හවුල්කාරිත්වයට ශක්තිමත් සාක්ෂියක් සපයයි. මේ දක්වා, AIIB ශ්‍රී ලංකාවේ බලශක්ති, ප්‍රවාහන සහ නාගරික අංශ හරහා රුපියල් මිලියන 534 ක මුළු මූල්‍යකරණයක් සහිත පරිවර්තනීය ව්‍යාපෘති පහකට සහාය වී ඇති අතර, එය තිරසාර වර්ධනයට හා සංවර්ධනයට මග පාදයි.