Apple සමාගම විසින් iOS 18.4.1 ලෙසින් නවතම යාවත්කාලීන කිරීමක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් මෙය ආරක්ෂක යාවත්කාලීන කිරීමක් ලෙස හඳුන්වනවා.
මෙම යාවත්කාලීනය වහාම ස්ථාපනය කර ගන්නා ලෙස සියලු iPhone භාවිතකරුවන්ට Apple සමාගම විසින් දැනුම් දී තිබෙනවා.
යාවතකාලීනයට හේතුව වන්නේ සක්‍රියව ම සයිබර් ප්‍රහාරයන්හිදී භාවිත වූ ආරක්ෂක දුර්වලතා දෙකක් ( CoreAudio සහ Pointer Authentication ) හරහා අනවසර කේත ක්‍රියාත්මක කිරීම සහ සංවේදී දත්ත ලබා ගැනීමේ හැකියාවක් හෙළිවීම හේතුවෙනි.
Apple විසින් නිකුත් කල ආරක්ෂක යාවත්කාලීනය හරහා iPhone ශබ්ද ප්‍රවාහවලට ප්‍රවේශ වීම සහ ඒවා බෙදාහැරිම සඳහා හකවරුන්ට අවස්ථාව ලබාදුන් ආරක්ෂක දුර්වලතා දෙකක් නිවැරදි කර තිබෙනවා.
රාජ්‍ය නිලධාරින් සහ මාධ්‍යවේදීන් වැනි විශේෂිත පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදු කිරීමට භාවිත කර තිබු බවටයි වාර්තා වන්නේ.
Apple විසින් memory corruption සම්බන්ධ ගැටළුවක් අවසන් කර පුළුල් ලෙස මෙය විහිදෙන්නට ඇති අවදානම වළක්වා එමඟින් පරිශීලක ආරක්ෂාව ශක්තිමත් කර තිබෙනවා.
දෙවන දුර්වලතාව වන Return Pointer Authentication Code (RPAC ) ලෙස හැඳින්වෙන ආරක්ෂක ක්‍රමය අනවසර කේත ක්‍රියාවලිය වැලක්වීමට නිර්මාණය කර තිබෙනවා.
නවතම යාවත්කාලීය මඟින් මෙම දුර්වලතාවන් පිළියෙළ කරමින් ආරක්ෂාව වැඩිදියුණු කර තිබෙනවා.
ප්‍රධාන යාවත්කාලීන :
- iOS 18.4.1 : CoreAudio සහ RPAC ආරක්ෂක දුර්වලතා නිවැරදි කරමින් උචිත ආරක්ෂාව සපයයි.
- iPadOS 18.4.1 : ඒ සඳහා සමාන ආරක්ෂක යාවත්කාලීන ලබා දේ.
- macOS Sequoia 15.4.1: Mac උපාංග සදහා අත්‍යවශ්‍ය ආරක්ෂක යාවත්කාලීන
- tvOS 18.4.1 සහ visionOS 2.4.1:Apple TV සහ Vision Pro සඳහා ආරක්ෂක යාවත්කාලීන
iOS 18.4.1 හෝ iPadOS 18.4.1 වෙත යාවත්කාලීන වීමට :
- Settings යන්නට පිවිසෙන්න
- General තෝරන්න
- Software Update තෝරන්න
- ඉන්පසු පෙන්වන උපදෙස් අනුව යාවත්කාලීනය බාගත කර ස්ථාපනය කරන්න