අත්අඩංගුවට ගත් බොට්ටු හිමිකරු

වැඩිදුර තොරතුරු:බටහිර මුහුදේදී හෙරොයින් කි:ග්‍රෑ:200ක් සහ සැකකරුවන් 6ක් සමඟ අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ හිමිකරු මාලදිවයිනට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනේ

භූතයෙකුට ගැහුව තුනකට වැඩ වරදී

කළුතර, පැල්පොළ, තොටුපළ පාරේ පොසොන් උත්සවය නිමිත්තෙන් පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු එහි භූතයෙක් ලෙසින් පෙනීසිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට පහරදීමෙන් එම සිසුවා තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

දිස්ත්‍රික්ක රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද

කිලිනොච්චියේ මාරක රිය අනතුර

කිලිනොච්චිය, මාන්කුලම් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. අනතුර සිදුව ඇත්තේ ඊයේ (25) රාත්‍රියේ.

කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය අද ප්‍රමාදයි

කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්. ගස කඩාවැටී ඇත්තේ පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී.