ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනයට ස්වාධීන විමර්ශන මණ්ඩලයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ අනූව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ.

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 වැනිදා සිට

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 01 සිට 08 දක්වා අයදුම්පත් කැඳවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

“අපි ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකරනප්‍රධානතම බලවේගයයි” – සජිත්

රටේ ප්‍රශ්නවලට ප්‍රගතිශීලීව විසඳුම් ලබා දීම මිස කඩාකප්පල් කිරීම සිය අරමුණ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වර්ථමානයේත් අනාගතයේත් ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරන ගමනේ ප්‍රධානතම බලවේගයක් බවට සමගි ජන බලවේගය පත්වන බවද ඔහු සඳහන් කර

“මම එහෙම පැනලා යන ජාතියේ මිනිහෙක් නෙමෙයි”

තමන්ට රටින් පලා යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු අවධාරණය කරන්නේ තමන් රටින් පැන ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මේ අතර දේශපාලනික අවශ්‍යතා මත

“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සඳහා ජනපති එක් වෙයි

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.